Why we like camping

by admin
  1. විටමින් පෙති ඕනෙම නෑ

අද සමාජයේ අපි බෙහෙවින් කාර්ය බහුලයි.ගෙදර දොරේ වැඩ, රැකියාවේ වැඩ ඒ වගේම දරුවන්ගේ කටයුතු මේ හැම දේම බලන් ඕනේ ඔබයි.නමුත් ඔබ නිරෝගී නැත් නම් ඔබ වගේම ඔබගේ පවුලේ අයත් ඉන් අපහසු තාවයට පත් වෙනවා. ඉතින් නිරෝගිව ඉන්න නම් ශරිරයට අත්‍යවශ්‍යම  කරන දෙයක් තමයි විටමින් d. විටමින් d වලින් අපේ අස්ථි ශක්තිමත් කරනවා.

ස්වභාවිකවම විටමින් d ලබා ගන්න තියන හොදම විදික් ලෙස උදෑසන හිරු එළිය හදුන්වන්න පුළුවන්. කෑම්පිං වලදී අපිට ගොඩක් වෙලාවට හිර එලිය එක්ක ගනුදෙනු කරන වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය වෙන විටමින් d හිරු එළියෙන් නොමිලේම ලබා ගත හැකියි.

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණාවක් ලෙස මේ හිරු එළියෙහි තියෙන අහිතකර කිරණ අපේ සමට නිරාවරණය වීම නිසා චර්ම රෝග ඇති වෙන්න තියන අවස්ථා බහුලයි. මෙයට  පිළියමක් විදියට මෙවැනි අවස්ථාවක spf අගය වැඩි හොද සන් ක්‍රීම් එකක් භාවිතා කර යුතුයි.

2. ජිම් එකට බයි බායි

අද තියන ප්‍රශ්නයක් තමයි අධික ස්ථුලතාවය. මෙයට පිළියමක් විදියට ගොඩක් දෙනා ජිම් යන්න පුරුදු වෙලා ඉන්නවා. එත් ඔබ සති අන්තයක  කෑම්පිං එකක් යන්න යොදා ගන්නවා නම් ඔබට ජිම් එකකට යනවට වඩා විශාල වාසි සංඛ්‍යවක් එක වර අත් කර ගන්න හැකියාව තිබෙනවා.

කෑම්පිං එකකදී ගොඩක් වෙලාවට ඇවිදගෙන් යන්න අලුත් තැන් සොයාගෙන යන්න ලැබෙන අවස්ථාව වැඩි. ඉතින් ඔබ ජිම් එකකට ගිහින් මැෂීන් එක්ක ඔට්ටු වෙනවට වඩා පරිසරයත් එක්ක ගැටිලා මේ විදියේ ක්‍රියාකාරකම් වල යෙදීම මගින්  ශරීරය නම්‍යශීලීව තියා ගන්න වගේම ඔබේ අවධානය නිරවුල්ව තබා ගන්නත් උපකාරී වන බව නම් නිසැකයි.

3. සුව නින්දක්

සුව නින්දකට අපි හැමෝම වගේ කැමතියි. එත් ගෙදර දොරේ වැඩ රැකියාවේ වැඩ නිසාම රැට නිදා ගන්න එක ඔබට පරක්කු වෙනවා වගේම උදෑසනම වැඩ පටන් ගන්නත් සිදු වෙනවා.

සුව නින්දක් මගින් ඔබට එදිනෙදා වැඩ ඉතාම පහසුවෙන් කිරීමට වගේම ඔබේ සුන්දරත්වය නිසි ලෙස පවත්වා ගන්නත් හැකි වෙනවා.

කෑම්පින් එක්කදී වැඩියෙන් වෙහෙස වෙන නිසාත් නිදා ගන්න ඕන තරම් වෙලාව තියන නිසාත් ඔබට හොද නින්දක් ලබා ගන්න අවස්ථාව උදා වෙනවා.

ඒ වගේම ගෙදර තියන කෘතීම ආලෝකය,කෘතීම වාතාශ්‍රයෙන් මිදිලා ස්වභාවික පරිසරයේ තියෙන අපුර්වත්වය එක්ක උදෑසනින්ම ඔබට අවදි වෙන්න පුළුවන් නම් සුව නින්දකට වගේම නිරවුල් මනසක් පවත්වා ගන්නත් එය ඔබට උපකාරී වෙනවා.

4. ගෙදර සතුට ආයේමත්

ඔබේ කාර්ය බහුලත්වයත් එක්කම ඔබේ පවුලේ සමගිය සතුට ඔබෙන් ඇත් වෙලා ගිහිල්ල ද? එහෙම නම්  මේ තත්වය මග හරවා ගණන් හොදම උපක්‍රමයක් තමයි කෑම්පිං.

ගෙදර ඉන්න කොට හැම දෙනාම තම තමන්ගේ වැඩ කටයුතු වල නිරත් වුනත් කෑම්පිං ගියාම ඔබට පවුලේ ය සමග  එකට එකතු වෙලා කරන්න තියන ක්‍රියාකාරකම් වැඩියි. ඒ වගේම ඔබටත් පවූලේ අයටත් එකට එකතු වෙලා කතා බහ කරන්න ,එකී නෙකාගේ අදහස් හුවමාරු කර ගන්න ඔබට මේක අවස්ථාවක් කර ගත හැකියි. මේ නිසා ඔබේ ගෙදර සතුට ආයේ ළගා කර ගන්න මේක හොද අවස්ථාවක් වේවි.

5. සොබාදහමෙන් ඉගෙන ගමු

තාක්ෂණයේ දියුණුවත් එක්කම  අපේ සෑම දෙයක්ම තාක්ෂණයට යට වෙලා. ඔබේ දරුවන්ට ඉගන ගන්න උපකාරයක් විදියට ඔබ තාක්ෂණික උපකරණ ඔවුන් අතට දෙනවා නම් ඊට කලින් ටිකක් හිතන්න. අතීතයේ තාක්ෂණය නොතිබුණ යුගයේ අපි ඉගන ගත්තේ පරිසරය ආශ්‍රයෙන්.

නමුත් වර්තමානය වනවිට  මේ හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා යනවා. ඔබේ දරුවන්ට දුරකතනයක්,පරිගණකයක් ඉගැන්වීම් වලටය යොදා ගන්නවට වඩා ඔවුන් පරිසරය එක්ක ගැටෙන්න පරිසරය එක්ක ඉගෙන ගන්න අවස්ථාව ඔබ සලසල දෙනවා නම් තාක්ෂණයට කර නොහැකි මානුෂිය හැගීම් වර්ධනය,ධනාත්මක චින්තය වගේ අද සමාජයෙන් ගිලිහිලා යන ගුණාත්මක දේවල් ඔබේ දරුවනට අත් කර දෙන්න ඔබට හැකි වේවි.

 කාන්තා අපි එදිනෙදා විශාල ගැටළු කියල හිතන් හිටිය ගොඩක් දේවල වලට සරල විසදුමක් විදියට කෑම්පිං යොදා ගන්න පුළුවන් කියල දැන් ඔබට හිතෙනවා ඇති. ඔබ ගැන වගේම  ඔබේ පවුල ගැනත් හිතන අභියෝග ජය ගන්න කැමති කාන්තා ඔබට මේක අලුත් අත්දැකීමක් වේව්.

 සටහන: සජානි හංසිකා 

Related Articles

Leave a Comment