Leo Taprobana 2020-01-13T11:09:58Z https://leotaprobana.com/feed/atom/ WordPress admin <![CDATA[Idalgashinna the most beautiful railway station in Sri Lanka.]]> http://test.singhatechnologysolutions.com/?p=1755 2020-01-13T11:08:24Z 2020-01-02T23:25:14Z Idalgashinna the most beautiful railway station and scenic treks in Sri Lanka. The weather is amazing…

The post Idalgashinna the most beautiful railway station in Sri Lanka. appeared first on Leo Taprobana.

]]>
Idalgashinna the most beautiful railway station and scenic treks in Sri Lanka. The weather is amazing and all ways changing sunny to misty. Some times mist covers the satiation.

Idalgashinna railway station is 68th station on the main line of the railway Sri Lanka and located between Haputale and Ohiya railway satanic in badulla district,uva province.

It is located 8km west of haputhale at an elevation of 1615 meters above sea level.

You can see beautiful views around especially if get on to the mountain nearby on the station but unfortunately, we didn’t see the view very well because of the misty. Idalgashinne mountain it is 6th tallest mountain in Uva province of Sri Lanka.

The station was built in 1893 and it is serviced by the express train such as Podi Menike, Udarata Menike and night mail train.

 සටහන: සජානි හංසිකා 

The post Idalgashinna the most beautiful railway station in Sri Lanka. appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[Ice Cream Lovers….]]> http://test.singhatechnologysolutions.com/?p=1752 2020-01-02T23:19:50Z 2020-01-02T23:19:46Z You might think that you’re just choosing to eat a favorite flavor of ice cream because…

The post Ice Cream Lovers…. appeared first on Leo Taprobana.

]]>
You might think that you’re just choosing to eat a favorite flavor of ice cream because it tastes good, but Baskin-Robbins thinks there’s a little more to it. According to the New York Daily News, the widely known ice cream chain joined forces with Dr. Alan Hirsch of the Smell & Taste Treatment and Research Foundation in Chicago to learn more about what ice cream flavor choices mean in terms of personality. “We uncovered quite a few surprising finds when investigating what a person’s favorite ice cream flavor says about their personality,” stated Hirsch. Check out all the personality and flavor pairings:

Vanilla: You’re more likely to be impulsive, easily suggestible, and an idealist.

Chocolate: You’re more likely to be dramatic, lively, charming, flirtatious, seductive, and gullible.

Very Berry Strawberry: You’re more likely to be a tolerant, devoted, and an introvert.

Mint Chocolate Chip: You’re more likely to be argumentative, frugal, and cautious.

Chocolate Chip Cookie Dough: You’re more likely to be ambitious, competitive, and a visionary.

Pralines ‘n Cream: You’re more likely to be loving, supportive, and prefer to avoid the spotlight.

Jamoca: You’re more likely to be scrupulous, conscientious, and a moral perfectionist.

Chocolate Chip: You’re more likely to be generous, competent, and a go getter.

Rainbow Sherbet: You’re more likely to be analytic, decisive, and pessimistic.

Rocky Road: You’re more likely to be aggressive, engaging, and a good listener. #baskinrobbins #icecream #veryberry #icecreamlove #blackberry #vsco

The post Ice Cream Lovers…. appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල]]> http://test.singhatechnologysolutions.com/?p=1749 2020-01-02T23:00:44Z 2020-01-02T23:00:08Z (මේ කරුනු අවර ගනයේ ගුවන් විදුලි,  නව කතා, ගීත, චිත්‍රපටි අදී සියලු සන්නිවෙදන මාධ්‍යන්ට පොදුය. )…

The post අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල appeared first on Leo Taprobana.

]]>
(මේ කරුනු අවර ගනයේ ගුවන් විදුලි,  නව කතා, ගීත, චිත්‍රපටි අදී සියලු සන්නිවෙදන මාධ්‍යන්ට පොදුය. )

1. ශාස්තෘවරයානන් ඉදිරියේ අවිනීතව හැසිරීම (නිව්සේ, කාර්යාලයේ, පුදබිමේ, වාහනේ, පිළිම වහන්සේ අභියස.) අසංවරව ඇදුම් ඇදීම, හැසිරීම, පරුෂ වචන භාවිතය, මිනී මැරුම්/ මංකොල්ල/ නීතිවිරෝදී ක්‍රියා සාකච්ඡාව හා කිරීම.

2. පොළව සනහා වැඩි, වීර, ආදර්ශමත් මහා කුඩා යති වරයානන් වහන්සේලාගේ චරිත වෙනුවට, ඇස්, කට මුහුණු විකුර්ති කරමින්, දුව පැණ, බොරු කියමින් හැසිරෙන ව්‍යාජ පූජක රූප සමාජ ගත කිරීම.  

3. හිස්, බාල, නුසුදුසු, පාපී දෙයට හා පිරිසට ගෞරව නාම යෙදීම හා භාෂා විකෘර්තිය.

4. බාල අංගරචනා, බාල තිර පිටපත්, බාල භාෂා පරිහරණය හා බාල කැමරා හා සංස්කරණ. දර්ශන වල දෝෂ (boom mic පවා දර්ශන තලයෙන් පෙනීම ). එකම දර්ශන තල, එකම ඇඳුම් හැම කොටසෙම, නාට්‍යයේම තිබීම.

5. ඇස්, කට, මුහුණ විකුර්ති කරමින්, යක්ෂණියන්වන්, එදිනෙදා ජීවිත වල අසාමාන්‍ය, ලංකාවේ අපේ පවුල්වල ගෙවල් දොරවල් වල නොදුටු නපුරු වෛරී චරිත තිබීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

6. මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පැන් ආදී ගැන නිරන්තර කතා බහ හා දර්ශන. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
7. ගිනි අවි  නිරන්තර පහසුවෙන් භාවිතය. ගහ ගැනීම් බහුලවීම. බුද්ධිය වෙනුවට අණුවන දාමරිකම් බහුල වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

8. අඟ පසඟ, ඉස්මතුව පෙන්වන දර්ශන බහුල වීම. ආවරණය නොවූ ඇන්දුමින්, තැම්පත් නොවූ, අශෝබන හැසිරීම්. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

9. වැඩිහිටි, කුඩා සැම ඉදිරියේ වෙනසකින් තොරවම අසංවරව හැසිරීම, හිස් වචන, බාල විහිලු, නුසුදුසු ලාබ කතා කියමින් කාලය නාස්ති කිරීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

10. දරුවන්ට නුසුදුසු යැයි දැනුවත් කිරිම් රහිතවම නුසුදුසු වචන, හිස් වචන, මත් ද්‍රව්‍ය, මත්පැන්, ගිනි අවි, ගහ ගැනීම් ඇති දෙබස් හා දර්ශන පෙන්වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

මෙම තත්වයන්හි විපාක:

1. සිල්වතුන්ට, බුද්ධිමතුන්ට ගෞරව නොකිරීම, නිගා කිරීම අසීලාචාර ක්‍රියවක් හා, ප්‍රඟ්‍යා ගෝචර, සැනසීම, දියුණුව සඳහා නොවන නිසා, බුද්ධිය දුර්වල වීම්, එවිට මනස පිරිහීම, මානසික රෝග,  උගත් සමාජයෙන් වෙන්කිරීම ආදියට හේතුවේ.

මනස සෑම විටම නිරන්තර පුරුදු කල දෙය පසු පසම යයි.
නිතර හිස්බස්, නපුරු වචන, පාපී වචන වලට පුරුදුවූවිට එම වචනම භාවිතාවට එයි. කාමයට, රූපයට  මනස ඇළුනු විට එම සිත්ම ඇති කරයි. ප්‍රශ්නයක් ඇතිවූවිට බුද්ධිමත් තීරනයක් මනසින් ගේනවා විනා දූෂිත වචන හරභයකට, පාපී දෙයකට, රණ්ඩුවකට, අවිඅයුධ වලින් ප්‍රශ්න විසඳන්නට මඟ පාඳයි. මේ නිසා:

2. පිරිහීමේ දොරටු විවර වෙයි.

– මතක ශක්තිය පිරිහෙයි.
– වීර්යය පිරිහෙයි.
– අධ්‍යාපන පිරිහෙයි.
– පවුල එකමුතුව විසිරෙයි.
– අවවාද කරන්නට කෙනෙකු නැතිවෙයි.
– දුන් අවවාද නොපිළි ගනී.
– ඉතිරිය, ආයෝජනයට වඩා මුදල් වියදම් වැඩි වෙයි.
– ලෙඩ රෝග බහුල වෙයි.
– සමාජයේ අනාරක්ෂාව පැතිරෙයි. නිවස, මහපාර, අධ්‍යපන ආයතන, කාර්යාල අනාරක්ෂාකාරී වෙයි.
– දෙමව්පියන්, දරුවන්, ගුරුවරුන්, වැඩිහිටියන් අතර වටිනාකම් නැතිවෙයි.
– අලුත්දේ ඉගෙනුමට, පරීක්ෂාවට, උසස් පුද්ගල ඇසුරට ඉඩ නොලැබීමෙන් දියුණුවට අවස්ථා මගහැරී අධ්‍යාපනය, රැකියා දියුනුව, ව්‍යාපාර දියුණුව පසුබසී.

එනිසා මනා සිහියෙන් තමාගේ යහපත් අරමුණු වෙත මනස පුරුදුකිරීම ලෞකික හා ලෝකෝත්තර දියුණුව පාදයි.

The post අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි]]> http://test.singhatechnologysolutions.com/?p=1525 2019-12-30T10:21:59Z 2019-12-30T10:21:53Z මේ වෙනකොට අපි ගොඩක් දෙනෙක් වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට හැම ගෙදරකම වගේ Router එකක් තියෙනවා. …

The post රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
මේ වෙනකොට අපි ගොඩක් දෙනෙක් වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට හැම ගෙදරකම වගේ Router එකක් තියෙනවා. 

ඔයාගේ රවුටර් එකට පාස්වර්ඩ් එකක් දාලා නැත්තං ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාගේ WiFi පාවිච්චි කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඉතින් මේකෙන් ඔයාගේ data ප්‍රමාණය අඩුවෙනවා.

දැන් අපි බලමු කොහොමද වයිෆයි පාස්වර්ඩ්  එකක් Add කරන්නේ කියලා සහ වෙනස් කරන්නේ කොහොමද කියලා.

මේකට ඔයාගෙ router  ඒක ඔයා ළඟ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් router එකක පාස්වර්ඩ් එක රවුට එකේ යට පැත්ත අපිට බලාගන්න පුළුවන්.

Wifi SSID සහ WIFI Key කියලා Codes දෙකක් ඔයාට බලාගන්න පුලුවන් වෙයි. Wifi SSID  කියන්නේ වාගේ වයිෆයි එකේ නම. WIFI Key කියන්නේ පාස්වර්ඩ් එක. 

මේ නම සහ පාස්වර්ඩ් එක වැඩ කරන්නේ router එකේ ඔය විදිහට එන default password කලින් මාරු කරලත් නැත්තං විතරයි.  මාරු කරලා තියෙනවනම් wifi එකට connect වෙන්න ඒ මාරු කරපු පහසුවට එක ඕනේ.


ඉතින් දැන් අපි බලමු රවුට එකේ තියෙන පාස්වර්ඩ් එක වැඩ කරන්නෙ නැත්තං පාස්වර්ඩ් එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

 මුලින්ම රවුටර් එක cable එකක් හරහා computer එකකට connect කරගන්න ඕනේ.  ඊට පස්සේ රවුටර් එක පිටිපස්සේ තියෙන web address එක browser එකේ ඇතුලත් කරන්න. බොහෝ අවස්ථාවල (http://192.168.1.8) හෝ (http://192.168.1.1).

දැන් login කියන එක ක්ලික් කරල රවුටර් එක පිටිපස්සේ තියෙන username එක සහ password එක පාවිච්චි කරලා ලොගින් වෙන්න.

 ඊළඟට Settings > WLAN Settings > WLAN Basic Settings වෙත ගොස් WPA pre-shared key වෙත ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එකක් ලබාදෙන්න. ඉන්පසුව apply click කරන්න. 

 දැන් ඔබ ලබාදුන් පාස්වර්ඩ් එක ඔබගේ වයිෆයි පාස්වර්ඩ් එක ලෙස පාවිච්චි කළ හැකියි.

The post රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි]]> http://test.singhatechnologysolutions.com/?p=1519 2019-12-30T09:53:39Z 2019-12-30T09:53:34Z  ඊමේල් කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට වර්තමානයේ දී අවශ්‍යම දෙයක්. ව්‍යාපාර කටයුතු වලට විතරක් නෙමෙයි,  එදිනෙදා කටයුතු…

The post ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
 ඊමේල් කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට වර්තමානයේ දී අවශ්‍යම දෙයක්. ව්‍යාපාර කටයුතු වලට විතරක් නෙමෙයි,  එදිනෙදා කටයුතු වලටත් ගොඩක් දෙනෙක් ඊමේල් පාවිච්චි කරනවා.

උදාහරණයක් විදිහට බැංකු ගිණුම් ආදියේ විස්තර ලබාගන්න එදිනෙදා සාමාන්‍ය පුද්ගලයන් ඊමේල් පාවිච්චි කරනවා.

මීට අමතරව ගොඩක් දෙනෙක් තමන්ගේ මාකටින් සඳහා ඊමේල් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ විදිහට එවන marketing email වලින් අපේ inbox එක පිරෙනවා.

දැන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද ඔයාලට අවශ්‍ය නැති ඊමේල් තමන්ගේ inbox එකට එන එක වලක්වා ගන්න හැටි.

පළමු ක්‍රමය – අදාල ඊමේල් එක බ්ලොක් කිරීම.

ඔයාට අවශ්‍ය නැති ඊමේල් එවන අය ඉන්නවනම් ඔයාලට ඒ ඊමේල් බ්ලොග් කරන්න Gmail වලින් පුළුවන්.

  1. මුලින්ම gmail.com website එකට ගිහිල්ලා ඔයාගේ gmail එකට log in වෙන්න.
  2. දැන් ඔයාට අනවශ්‍ය විදිහට ආව ඊමේල් එකකට ගිහිල්ලා ඒ ඊමේල් එකක් ඕපන් කරන්න.
  3. ඊළඟට දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Block කියන එක click කරන්න.

4. ඊළඟට එන popupඑකෙන් block කියන එක දීලා confirm කරන්න.

දෙවෙනි ක්‍රමය – Filters භාවිතා කිරීම.

මගින් Filters භාවිතා කර අනවශ්‍ය ඊමේල් Block කරන්න අවස්ථාව දීලා තියෙනවා.

  1. පළමුව gmail.com වෙත පිවිස ලොග් වෙන්න. ඉන්පසු search bar එක සමඟ පිහිටි dropdown button එක click කරන්න.
  2. දැන් ඔබට අවශ්‍ය පරිදි ඊමේල් , වචන ආදිය යොදා ෆිල්ටර් එකක් සකස් කරගන්න. Create filter click කරන්න.

3. දැන් ඔබට ඔබ සකස් කළ filter එකට අදාල emails හෝ වචන වලින් පැමිණෙන ඊමේල් වලට සිදුවිය යුත්තේ කුමක්දැයි තීරණය කළ හැකියි. delete ලබාදීමෙන් එම ඊමේල් මගින් පැමිණෙන ඊමේල් ඉබේම ඩිලීට් වනු ඇත.

The post ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල]]> http://test.singhatechnologysolutions.com/?p=1515 2019-12-30T08:29:57Z 2019-12-30T08:29:53Z (මේ කරුනු අවර ගනයේ ගුවන් විදුලි,  නව කතා, ගීත, චිත්‍රපටි අදී සියලු සන්නිවෙදන මාධ්‍යන්ට පොදුය. )…

The post අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල appeared first on Leo Taprobana.

]]>
(මේ කරුනු අවර ගනයේ ගුවන් විදුලි,  නව කතා, ගීත, චිත්‍රපටි අදී සියලු සන්නිවෙදන මාධ්‍යන්ට පොදුය. )

1. ශාස්තෘවරයානන් ඉදිරියේ අවිනීතව හැසිරීම (නිව්සේ, කාර්යාලයේ, පුදබිමේ, වාහනේ, පිළිම වහන්සේ අභියස.) අසංවරව ඇදුම් ඇදීම, හැසිරීම, පරුෂ වචන භාවිතය, මිනී මැරුම්/ මංකොල්ල/ නීතිවිරෝදී ක්‍රියා සාකච්ඡාව හා කිරීම.

2. පොළව සනහා වැඩි, වීර, ආදර්ශමත් මහා කුඩා යති වරයානන් වහන්සේලාගේ චරිත වෙනුවට, ඇස්, කට මුහුණු විකුර්ති කරමින්, දුව පැණ, බොරු කියමින් හැසිරෙන ව්‍යාජ පූජක රූප සමාජ ගත කිරීම.  

3. හිස්, බාල, නුසුදුසු, පාපී දෙයට හා පිරිසට ගෞරව නාම යෙදීම හා භාෂා විකෘර්තිය.

4. බාල අංගරචනා, බාල තිර පිටපත්, බාල භාෂා පරිහරණය හා බාල කැමරා හා සංස්කරණ. දර්ශන වල දෝෂ (boom mic පවා දර්ශන තලයෙන් පෙනීම ). එකම දර්ශන තල, එකම ඇඳුම් හැම කොටසෙම, නාට්‍යයේම තිබීම.

5. ඇස්, කට, මුහුණ විකුර්ති කරමින්, යක්ෂණියන්වන්, එදිනෙදා ජීවිත වල අසාමාන්‍ය, ලංකාවේ අපේ පවුල්වල ගෙවල් දොරවල් වල නොදුටු නපුරු වෛරී චරිත තිබීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

6. මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පැන් ආදී ගැන නිරන්තර කතා බහ හා දර්ශන. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
7. ගිනි අවි  නිරන්තර පහසුවෙන් භාවිතය. ගහ ගැනීම් බහුලවීම. බුද්ධිය වෙනුවට අණුවන දාමරිකම් බහුල වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

8. අඟ පසඟ, ඉස්මතුව පෙන්වන දර්ශන බහුල වීම. ආවරණය නොවූ ඇන්දුමින්, තැම්පත් නොවූ, අශෝබන හැසිරීම්. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

9. වැඩිහිටි, කුඩා සැම ඉදිරියේ වෙනසකින් තොරවම අසංවරව හැසිරීම, හිස් වචන, බාල විහිලු, නුසුදුසු ලාබ කතා කියමින් කාලය නාස්ති කිරීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

10. දරුවන්ට නුසුදුසු යැයි දැනුවත් කිරිම් රහිතවම නුසුදුසු වචන, හිස් වචන, මත් ද්‍රව්‍ය, මත්පැන්, ගිනි අවි, ගහ ගැනීම් ඇති දෙබස් හා දර්ශන පෙන්වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.

මෙම තත්වයන්හි විපාක:

1. සිල්වතුන්ට, බුද්ධිමතුන්ට ගෞරව නොකිරීම, නිගා කිරීම අසීලාචාර ක්‍රියවක් හා, ප්‍රඟ්‍යා ගෝචර, සැනසීම, දියුණුව සඳහා නොවන නිසා, බුද්ධිය දුර්වල වීම්, එවිට මනස පිරිහීම, මානසික රෝග,  උගත් සමාජයෙන් වෙන්කිරීම ආදියට හේතුවේ.

මනස සෑම විටම නිරන්තර පුරුදු කල දෙය පසු පසම යයි.
නිතර හිස්බස්, නපුරු වචන, පාපී වචන වලට පුරුදුවූවිට එම වචනම භාවිතාවට එයි. කාමයට, රූපයට  මනස ඇළුනු විට එම සිත්ම ඇති කරයි. ප්‍රශ්නයක් ඇතිවූවිට බුද්ධිමත් තීරනයක් මනසින් ගේනවා විනා දූෂිත වචන හරභයකට, පාපී දෙයකට, රණ්ඩුවකට, අවිඅයුධ වලින් ප්‍රශ්න විසඳන්නට මඟ පාඳයි. මේ නිසා:

2. පිරිහීමේ දොරටු විවර වෙයි.

– මතක ශක්තිය පිරිහෙයි.
– වීර්යය පිරිහෙයි.
– අධ්‍යාපන පිරිහෙයි.
– පවුල එකමුතුව විසිරෙයි.
– අවවාද කරන්නට කෙනෙකු නැතිවෙයි.
– දුන් අවවාද නොපිළි ගනී.
– ඉතිරිය, ආයෝජනයට වඩා මුදල් වියදම් වැඩි වෙයි.
– ලෙඩ රෝග බහුල වෙයි.
– සමාජයේ අනාරක්ෂාව පැතිරෙයි. නිවස, මහපාර, අධ්‍යපන ආයතන, කාර්යාල අනාරක්ෂාකාරී වෙයි.
– දෙමව්පියන්, දරුවන්, ගුරුවරුන්, වැඩිහිටියන් අතර වටිනාකම් නැතිවෙයි.
– අලුත්දේ ඉගෙනුමට, පරීක්ෂාවට, උසස් පුද්ගල ඇසුරට ඉඩ නොලැබීමෙන් දියුණුවට අවස්ථා මගහැරී අධ්‍යාපනය, රැකියා දියුනුව, ව්‍යාපාර දියුණුව පසුබසී.

එනිසා මනා සිහියෙන් තමාගේ යහපත් අරමුණු වෙත මනස පුරුදුකිරීම ලෞකික හා ලෝකෝත්තර දියුණුව පාදයි.

The post අවර ගණයේ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ නොබැලීමට හේතු 10ක් හා ඒවායේ ප්‍රතිඵල appeared first on Leo Taprobana.

]]>
0
admin <![CDATA[Why we like camping]]> http://test.singhatechnologysolutions.com/?p=1449 2020-01-13T11:08:56Z 2019-12-26T18:04:22Z විටමින් පෙති ඕනෙම නෑ අද සමාජයේ අපි බෙහෙවින් කාර්ය බහුලයි.ගෙදර දොරේ වැඩ, රැකියාවේ වැඩ ඒ වගේම…

The post Why we like camping appeared first on Leo Taprobana.

]]>
  • විටමින් පෙති ඕනෙම නෑ
  • අද සමාජයේ අපි බෙහෙවින් කාර්ය බහුලයි.ගෙදර දොරේ වැඩ, රැකියාවේ වැඩ ඒ වගේම දරුවන්ගේ කටයුතු මේ හැම දේම බලන් ඕනේ ඔබයි.නමුත් ඔබ නිරෝගී නැත් නම් ඔබ වගේම ඔබගේ පවුලේ අයත් ඉන් අපහසු තාවයට පත් වෙනවා. ඉතින් නිරෝගිව ඉන්න නම් ශරිරයට අත්‍යවශ්‍යම  කරන දෙයක් තමයි විටමින් d. විටමින් d වලින් අපේ අස්ථි ශක්තිමත් කරනවා.

    ස්වභාවිකවම විටමින් d ලබා ගන්න තියන හොදම විදික් ලෙස උදෑසන හිරු එළිය හදුන්වන්න පුළුවන්. කෑම්පිං වලදී අපිට ගොඩක් වෙලාවට හිර එලිය එක්ක ගනුදෙනු කරන වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය වෙන විටමින් d හිරු එළියෙන් නොමිලේම ලබා ගත හැකියි.

    මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණාවක් ලෙස මේ හිරු එළියෙහි තියෙන අහිතකර කිරණ අපේ සමට නිරාවරණය වීම නිසා චර්ම රෝග ඇති වෙන්න තියන අවස්ථා බහුලයි. මෙයට  පිළියමක් විදියට මෙවැනි අවස්ථාවක spf අගය වැඩි හොද සන් ක්‍රීම් එකක් භාවිතා කර යුතුයි.

    2. ජිම් එකට බයි බායි

    අද තියන ප්‍රශ්නයක් තමයි අධික ස්ථුලතාවය. මෙයට පිළියමක් විදියට ගොඩක් දෙනා ජිම් යන්න පුරුදු වෙලා ඉන්නවා. එත් ඔබ සති අන්තයක  කෑම්පිං එකක් යන්න යොදා ගන්නවා නම් ඔබට ජිම් එකකට යනවට වඩා විශාල වාසි සංඛ්‍යවක් එක වර අත් කර ගන්න හැකියාව තිබෙනවා.

    කෑම්පිං එකකදී ගොඩක් වෙලාවට ඇවිදගෙන් යන්න අලුත් තැන් සොයාගෙන යන්න ලැබෙන අවස්ථාව වැඩි. ඉතින් ඔබ ජිම් එකකට ගිහින් මැෂීන් එක්ක ඔට්ටු වෙනවට වඩා පරිසරයත් එක්ක ගැටිලා මේ විදියේ ක්‍රියාකාරකම් වල යෙදීම මගින්  ශරීරය නම්‍යශීලීව තියා ගන්න වගේම ඔබේ අවධානය නිරවුල්ව තබා ගන්නත් උපකාරී වන බව නම් නිසැකයි.

    3. සුව නින්දක්

    සුව නින්දකට අපි හැමෝම වගේ කැමතියි. එත් ගෙදර දොරේ වැඩ රැකියාවේ වැඩ නිසාම රැට නිදා ගන්න එක ඔබට පරක්කු වෙනවා වගේම උදෑසනම වැඩ පටන් ගන්නත් සිදු වෙනවා.

    සුව නින්දක් මගින් ඔබට එදිනෙදා වැඩ ඉතාම පහසුවෙන් කිරීමට වගේම ඔබේ සුන්දරත්වය නිසි ලෙස පවත්වා ගන්නත් හැකි වෙනවා.

    කෑම්පින් එක්කදී වැඩියෙන් වෙහෙස වෙන නිසාත් නිදා ගන්න ඕන තරම් වෙලාව තියන නිසාත් ඔබට හොද නින්දක් ලබා ගන්න අවස්ථාව උදා වෙනවා.

    ඒ වගේම ගෙදර තියන කෘතීම ආලෝකය,කෘතීම වාතාශ්‍රයෙන් මිදිලා ස්වභාවික පරිසරයේ තියෙන අපුර්වත්වය එක්ක උදෑසනින්ම ඔබට අවදි වෙන්න පුළුවන් නම් සුව නින්දකට වගේම නිරවුල් මනසක් පවත්වා ගන්නත් එය ඔබට උපකාරී වෙනවා.

    4. ගෙදර සතුට ආයේමත්

    ඔබේ කාර්ය බහුලත්වයත් එක්කම ඔබේ පවුලේ සමගිය සතුට ඔබෙන් ඇත් වෙලා ගිහිල්ල ද? එහෙම නම්  මේ තත්වය මග හරවා ගණන් හොදම උපක්‍රමයක් තමයි කෑම්පිං.

    ගෙදර ඉන්න කොට හැම දෙනාම තම තමන්ගේ වැඩ කටයුතු වල නිරත් වුනත් කෑම්පිං ගියාම ඔබට පවුලේ ය සමග  එකට එකතු වෙලා කරන්න තියන ක්‍රියාකාරකම් වැඩියි. ඒ වගේම ඔබටත් පවූලේ අයටත් එකට එකතු වෙලා කතා බහ කරන්න ,එකී නෙකාගේ අදහස් හුවමාරු කර ගන්න ඔබට මේක අවස්ථාවක් කර ගත හැකියි. මේ නිසා ඔබේ ගෙදර සතුට ආයේ ළගා කර ගන්න මේක හොද අවස්ථාවක් වේවි.

    5. සොබාදහමෙන් ඉගෙන ගමු

    තාක්ෂණයේ දියුණුවත් එක්කම  අපේ සෑම දෙයක්ම තාක්ෂණයට යට වෙලා. ඔබේ දරුවන්ට ඉගන ගන්න උපකාරයක් විදියට ඔබ තාක්ෂණික උපකරණ ඔවුන් අතට දෙනවා නම් ඊට කලින් ටිකක් හිතන්න. අතීතයේ තාක්ෂණය නොතිබුණ යුගයේ අපි ඉගන ගත්තේ පරිසරය ආශ්‍රයෙන්.

    නමුත් වර්තමානය වනවිට  මේ හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා යනවා. ඔබේ දරුවන්ට දුරකතනයක්,පරිගණකයක් ඉගැන්වීම් වලටය යොදා ගන්නවට වඩා ඔවුන් පරිසරය එක්ක ගැටෙන්න පරිසරය එක්ක ඉගෙන ගන්න අවස්ථාව ඔබ සලසල දෙනවා නම් තාක්ෂණයට කර නොහැකි මානුෂිය හැගීම් වර්ධනය,ධනාත්මක චින්තය වගේ අද සමාජයෙන් ගිලිහිලා යන ගුණාත්මක දේවල් ඔබේ දරුවනට අත් කර දෙන්න ඔබට හැකි වේවි.

     කාන්තා අපි එදිනෙදා විශාල ගැටළු කියල හිතන් හිටිය ගොඩක් දේවල වලට සරල විසදුමක් විදියට කෑම්පිං යොදා ගන්න පුළුවන් කියල දැන් ඔබට හිතෙනවා ඇති. ඔබ ගැන වගේම  ඔබේ පවුල ගැනත් හිතන අභියෝග ජය ගන්න කැමති කාන්තා ඔබට මේක අලුත් අත්දැකීමක් වේව්.

     සටහන: සජානි හංසිකා 

    The post Why we like camping appeared first on Leo Taprobana.

    ]]>
    0
    admin <![CDATA[ආරුගම්බේ]]> http://test.singhatechnologysolutions.com/?p=1446 2020-01-13T11:05:19Z 2019-12-26T18:00:21Z අද අපි ඔබව අරගෙන යන්නේ  අග්නිදිග වෙරළ තීරයේ පිහිටා තිබෙන  විශාලම සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ ලෙස…

    The post ආරුගම්බේ appeared first on Leo Taprobana.

    ]]>
    අද අපි ඔබව අරගෙන යන්නේ  අග්නිදිග වෙරළ තීරයේ පිහිටා තිබෙන  විශාලම සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ ලෙස හදුන්වන ආරුගම්බේ  වලටයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ නිරන්තර ආකර්ෂණයට ලක් වෙන මෙම සොදුරු වෙරල තීරය කාවන්තිස්ස රජු විසින් “අර ගම ” ලෙසින් හදුන්වනු ලැබ පසුව එය අරුගම වී මෙම ප්‍රදේශයේ ඇති භූ විෂමතා ලක්ෂණයට අනුව අද  ආරුගම්බේ බවට පත්වී තිබෙනවා.

    අද වන විට මෙම ප්‍රදේශය ලොව පුරාම ප්‍රචලිත වී ඇත්තේ රළ මත ලිස්සායාම හෙවත් සර්ෆින් ක්‍රීඩාවෙන්.

    සුපුරුදු විදියටම අපි අපේ ගමන පටන් ගත්තේ මහරගමින්. කොලබ ඉදන් ආරුගම්බේ වලටම 320 km විතර තියනව ඉතින් අපි මේ 320 km ම අපේ සුපුරුදු ගමන් සගය එක්කම යන හිතුව නිසාවෙන් රට මැදින් පළාත් හතරක් පහුකරගෙන අපි අපේ ගමන් යන්න පිටත් වුනා. කොහොම හරි පාන්දර 4ට අපේ ගමන ආරම්භ කර අපි අව්ස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, උඩවලව, කුඩා ඔය, බුත්තල, මොණරාගල, සියබලාණ්ඩුව, ලාහුගල හරහා පොතුවිල්වලට ආවා.

    පැය 7කටත් වැඩ වැඩි ඒකාකාරී ගමනක් උනත් පළාතෙන් පළාතට වෙනස් වෙන පරිසරයත් එක්කම ගමනේ තිබුන මහන්සිය ටිකක් විතර මග හැරිලා ගියා. මේ මාර්ගයේ ඔබ යනවා නම් ඔබට ආරුගම්බේ යන අතරතුර බලන්න පුළුවන් සුවිශේෂී ස්ථාන විදියට ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය, උඩවලව ජාතික වන උද්‍යානය සහ ලාහුගල වන උද්‍යානය හදුන්වන්න පුළුවන්.

    නිරිතදිග මෝසම් කාලය හෙවත් අප්‍රේල් සහ ඔක්තෝබර් අතර කාලය ආරුගම්බේව හි සර්ෆින්  වාරය ලෙස හදුන්වන්න පුළුවන්.

    කොහොම හරි උඩවලවල පහුකරගෙන යන අපිට අතර මගදී තවත් යාලුවෙක් මුණ ගැහුනා. මේ පාරේ යන එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආහාර බලාපොරොත්තුවෙන් තමගේ දිගම දිග හොඩවැලත් වැට අස්සෙන් රිංගගෙන ඔහු  බලාගෙන හිටියෙ අපුරු නර්තනයකුත් එක්කමයි.

    අපි එතනට එනකොටත් විදේශිකයන් කිහිප දෙනෙක්ම ඔහුගේ මේ අපුරු නර්තනය කැමරාවට හසු කරගනිමින් සිටියා. අපිත් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන වගේම ගමන් මහන්සියත් ටිකක් නිවා ගැන බලාපොරොත්තුවෙන් අපේ ස්කුටර් ගමන් සගයව පාරේ අයිනෙන් නතර කරලා ජායාරූප ටිකක් ගත්තා.

    උඩවලවේදී විතරක් නෙවෙයි ආරුගම්බේ යන අතරතුර ලාහුගල කලේ මැදින් යන මාර්ගයේ යන ඕන කෙනෙකුට වාසනාව තිබුනොත් අලියෙක් දෙන්නෙක් බල ගන්න බැරි වෙන්නේ නැහැ.ජයාරූප ගැන එක නවත්තල අපි ආයේ පොතුවිල් වලට එන්න පිටත් වුන.

    පොතුවිල් වල ඉදලා 4 km විතර දුරක් ගියාම ආරුගම්බේ වලට එන්න පුළුවන්.පොතුවිල් කියනේ දැඩි ලෙස වෙළද ආධිපත්‍යය හසු වූ නගරයක් කියල කියන පුළුවන්.ඒ නිසාම බැංකු, atm පසුකම්, සුපර් මාර්කට් වැනි පහසුකම් මේ නගරය තුල නොඅඩුව දැක ගන්න පුළුවන්. පොතුවිල් නගරයේ ටිකක් ඇවිද්ද අපි අපට ඕන කරන කෑම බිම ටිකත් එකතු කරගෙන ආයේ අපේ ගමන ආරම්භ කරා.

    පොතුවිල් වල ඉදලා ටික දුරක් එනකොට අපිට වැදගත් වෙන මුහුදු මහා විහාරය පිහිටලා තියන්නේ. කාවන්තිස්ස රජ සමයේ ඇති වුනු මුහුද ගොඩගැලීමෙන් රට බේරාගන්න කැළණිතිස්ස රජයතුමාගේ දියණිය වූ විහාරමහා දේවිය යාත්‍රාවක නංවාල මුහුදට පා කරලා තියනවා. අන්තිමේදී ඇය පාවෙලා ඇවිත් තියන්නේ නැගෙනහිර පළාතේ පොතුවිල් වලට යාබද කෝමාරි කියන ප්‍රදේශයට.

    මේ තැනට නම ලැබිල තියෙන්නෙත් කුමරිය ආ තැන නිසාලු.කොහොම උනත් විහාරමහාදේවිය ගැන කිරින්ද ප්‍රදේශයත් සම්බන්දයෙන් මෙවැනිම කතාවක් අපි අහල තියනවා. මේකෙන් කොයි කතාව නිවැරදි උනත් විහාර  ඉදිකරලා තියෙන්නේ මේ සිදුවීම සිහිපත් කරන කියල තමයි බොහෝ දෙනා කියන්නේ.

    කොහොම හරි හවස 2 වගේ වෙනකොට අපිට අරුගම්බේ වලට එන්න පුළුවන් වුණා. ගමන් මහන්සිය නිසාම කෙලින්ම අපේ නවාතැනට ගිය අපි විවේක ගන්න ගමන් අපේ ඊලග දවස් කීපයේ අපිට බලන්න තියන තැන් ගැන බලන්න ගත්ත.

    මම කලින්ම කිව්වනේ ආරුගම්බේ කියන්නේ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත්ත ස්ථානයක් ඒ නිසා අද වෙන කොට මෙම ප්‍රදේශය පුරාවටම නවතින ඕන තරම් තැන් හොයා ගැන පුළුවන්. සංචාර හෝටල් වගේම අද වෙන කොට සංචාරක හොස්ටල් වගේම හොම්ස්ටේ වගේ පහසුකමුත් ලෙහෙසියෙන්ම ලබා ගන්න පුළුවන්.

    ඒ වගේ කදවුරු බදින්න ආස කරන කෙනෙකුටත් මේ ආරුගම්බේ පුරාවටම තමන්ට කදවුරු බදින්න තැනක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ.

    දවල් 12 විතර ඉදන් හවස 3,4 වෙනකන්ම ආරුගම්බේ වලට ගොඩක්ම තදින් ඉර පායනවා. මේ නිසා එලියක පහලියක ඇවිදින නම් අමාරුයි.ආරුගම්බේ සුන්දරත්වය බලන්න  හොදම වෙලාව විදියට උදේ ඉර පායන වෙලාවත් හවසට ඉර බැහැගෙන යන වෙලාවත් හදුන්වන්න පුළුවන්. බඩ කට පිරෙන කාල ගමන් මහන්සියත් නිවා ගත්ත අපි අපේ නවාතැන ලගම තියන ආරුගම්බේ වෙරළ තිරය බලන්න ගිය.

    ඒ වෙනකොටත් ඉර රතු පාටින් බැහැල යන්න පටන් අරන් තිබුන වුනත් මුහුදු රලත් එක්ක පොර බදිමින් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන විදේශිකයන්ගෙන් නම් අඩුවක් තිබුනේ නෑ. ආරුගම්බේ ප්‍රධාන ස්ථානය ඇරුනම විස්කි පොයින්ට්,පොතුවිල් පොයින්ට්,එලිෆන්ට් රොක්,පීනට් ෆාම් සහ ඔකද දකුණු ප්‍රදේශය මේ සර්ෆින් ක්‍රීඩාව කරන පුළුවන් තවත් ස්ථාන විදියට හදුන්වන්න පුළුවන්.

    ආරුගම්බේ එන්න අපේ ප්‍රධානම හේතුව උනෙත් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන්න තිබුණු ඕනෑ කම. ඒ නිසා හෙට උදේම සර්ෆින් කරන්න යන්න බලාපොරොත්තුවෙන් අපි වේලාසන නින්දට ගියා. මම කිවුවනේ ආරුගම්බේ සුන්දරත්වය විදින හොදම වෙලාවක් තමයි උදේ කියන්නේ.

    ඒ නිසා උදේම ඇහැරුණු අපි ඇදුම් දෙක තුනකුත් මල්ලක ඔබාගෙන අවට සුන්දරත්වය නරබමින් ආරුගම්බේ ඉදන් පානම පැත්තට අපේ ගමන ආරම්භ කරා. 1818 දී වෙල්ලස්සේ කැරැල්ල සමග ඉංග්‍රීසින්ගෙ වියරුවට මැදිව දිවි ගලවාගත් සිංහලයින් නැගෙනහිර මුහුදු තිරයේ කෙළවර පානම එහෙමත් නැත් නම් පානම් පත්තුවේ නම ජීවිකාව අලුතින් ආරම්භ කරන්න වුනා.

    ඒ අනුව අදටත් නැගෙනහිර මුහුදු තිරයේ අවසාන සිංහල ගම බවට පානම පත් වුනා. මොවුන්ගෙන් බොහෝ දෙනා සිංහල දෙමල සම්භවයක් ඇති බුදුදහම හා දෙවියන් දෙපිරිසම අදහන පිරිසක් ලෙස දැක්විය හැකිය. ඒ බව සනාත කරන්න  පොතුවිල් ගම්මානය හරහා යන අපිට බොහොමයක් දේවල දේව පිළිම ආදිය දැක ගන්න පුළුවන් වුනා.

    අපි සර්ෆ් කරන ස්ථානය විදියට තෝරාගත්තේ එලිෆන්ට් රොක් කියන ස්ථානය.ආරුගම්බේ ඉදල මෙතනට 5 km වගේ දුරක් තමයි තියන්නේ. මෙය සංචාරකයන් ඇරුනම ගොඩක්ම හුදකලාව තියන වෙරළක් විදියට හදුන්වන්න පුළුවන්.උදෑසන සුන්දරත්වය පිරි සාමකාම් පෙදෙසක ඔබට තනිවෙන්නට අවශ්‍ය නම් මේ ස්ථානය එයට හොදම තැනක් විදියට හදුන්වන්න පුළුවන්. මේ අවට අලි ඇතුන්,කිබුලන් සහ විවිධ කිරුළු වාර්ගද දැක ගැන්න  පුළුවන්.

    අලි ඇතුන් සහ මේ ස්ථානයේ තිබෙන විශ්මය ජනක පාෂාණය නිසාම මෙතනට එලිෆන්ට් රොක් කියන නම හොදටම ගැලපෙනවා. අපි මෙතනය එනකොටත් සර්ෆින් කරන බොහෝ විදේශිකයින් ප්‍රමාණයක් වෙරළට එකතු වෙලා ඉන්න බව අපිට දැක ගන්න පුළුවන් වුන. සර්ෆින් ක්‍රීඩාවේ ආරම්භකයන් සදහා මෙන්ම වෘත්තීමය රළ පදින්නන්ටත් මෙම ස්ථානය බොහෝම ආරක්ෂාකාරියි.

    පැය ගානක් මුහුදු රලත් එක්ක ඔට්ටු උන අපිට පාන් කියා ගන්න බැරුව ගොඩට ආවම ඇදුම් එකක්ම මල්ලට ඔබා ගත්ත පාන් ගෙඩිය මතක් වුණා. එලිෆන් රොක් එකට නැග්ග අපි හෙවන තැනක් බලලා වාඩි උනු අපි අපේ උදේ ආහාරය ගත්ත. ඉර අව්වත් ටිකෙන් ටික වැඩි වෙනකොට අපි ආයේ ආරුගම්බේ වලට ආවේ ඉර අවුව අඩු උන ගමන්ම ආයේ අපේ සංචාරය ආරක්භ කරන හිතාගෙන.

    ඊළගට අපි යන් හිත්ගෙන් ඉන්නේ ෆිනට් ෆාම් වලට .ෆිනට් ෆාම් වලට යන පාර වැටිලා තියන්නේ අලි ඇතුන් නිදහසේ සැරි සරණ වනාන්තරයක් හරහා. ඉතින් මෙතනට යනවා නම් හවස් වෙන්න කලින් එතනට් ගිහින් එන්නත් ඕනේ.මොකද හවස 4 5 න් පස්සේ අලින් මේ පාර පුරාවටම ඉන්න නිසා.ඒ නිසා පොඩි විවේකයකින් පස්සේ අපි පීනට් ෆාම් වලට යන්න අපේ ගමන ආරම්භ කරා පානමට යනකොට ඒ අතරින් තියන කැලය මැදින් ඇති ජීප් රථ පාර  තමයි මෙතනට යන්න තියන මාර්ගය. වහින කාලෙට නම් මේ පැත්තට යන්න තිය හිතන්නවත් බැහැ.මොකද මේ කාලය ඔක්කොම වතුරෙන් යට වෙන නිසා.

    විදේශිකයන් නම් ගොඩක් වෙලාවට මේ තැනට යන්න ත්‍රිවිල් එකක් නැත් නම් ජීප් රථයක් තමයි යොදා ගන්නේ. අපිත් මුලින්ම ත්‍රී විල් එක්ක යන්න හිතුවත් අපේ ගමන් සහය එක්කම මේ ගමන යනවා කියලා හිතාගෙන. ටික වෙලාවකින් අපිට ත්‍රිවිල් එක්ක ආවනම් හොදයි කියල හිතෙන්න ගත්තේ පොලොව උඩින් ඒපළාත පුරාම පැතිරිලා තිබුණු ඝන වැලි තටිටුව නිසා. කොහොම කොහොම හරි ටික දුරක් ස්කුරටයත් බැලන්ස් කරන්න එන්න පුළුවන් උනාට එන්න එන්නම වාහනය අරණන් යන්න අමාරු වුනා.

    මේ එන පාරේ අපිටත් වඩා උසට කැලෑව ඉතින් අපි මේ ස්කුටරේ එක්ක ඔට්ටුවෙන වෙලාවේ අලියෙක් එහෙම ආවනම් කොහොම වේද කියල හිතල පස් හය පාරක් බිම වැටී වැටී උනත් ඒ ගැන බල බල ඉන්න වෙලා නොගෙන අපි ඉක්මනටම පීනට් ෆාම් වලට ආවා.

    අමාරුවෙන් හරි අපි මේතනට ආව එක හොදයි කියල හිතුනේ මේ මුහුදු වෙරළේ තියෙන සුන්දරත්වය නිසාමයි. කොහොමත් ලේසියෙන්ම මේ වගේ තැනක් බලනවට වඩා අමාරුවෙන් ඒ තැන බලන් එනකොට එතන තියන වටිනාකමත් තවත් වැඩි වෙනවා.

    වැලි සහිත වෙරළ තිරයෙන් හා විශාල ගල් කුට්ටි වලින් හෙබි මේ වෙරල තිරයද සංචරයන්ගේ ආකර්ෂණය බහුලව දිනාගත් ස්ථානයක් ලෙස දැක්වන්න පුළුවන්.සර්ෆින් ක්‍රීඩාව සදහා ලංකාවට එන පිරිසගෙන් බොහේ දෙනෙක් මෙම ස්ථාන එන්න අමතක නොකරන්නේ මෙතන තියන සුන්දරත්වය වගේම සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන්න සුදුසු පරිසරයක් මෙතන තියෙන නිසාවෙන්මයි.

    විවධ වර්ණයෙන් සැරසුණු ධිවර යාත්‍රා,සර්ෆින් බෝර්ඩ් වගේම පාර දෙපැත්තේ තියන  විවිධ රටවල් වලට ආවේනික කෑම වලින් පිරුණු අපනශාලාද අරුගම්බේ වලට විශේෂයි. විවිධ රටවලින් පැමිණෙන විදේශීය සංචාරකයන් මෙම ප්‍රදේශයට වීශාලා වශයෙන් පැමිණෙන නිසාවෙන් මෙම ආහාර විවිධත්වය දැක ගන්න පුළුවන්.ඒ අතරින් මගේ ප්‍රියතම අවන්හල වුනේ ඉතාලියානු අහාර වලින් සමන්විත මලීනා අවන්හලයි.

    නොදැනීම පීනටි ෆාමි වලට  රාත්‍රිය ලගා වෙන්න වුන නිසා අපි අපේ රාතී‍්‍ර අහාරය සදහා මලීනා අවන්හලට ආව.අපි එතනට එනකොටත් බොහෝ ඉතාලි සංචාරකයන්ගෙන් අවන් හල පිරිලා තිබුන උනත් නිදහසේ වාඩි වෙලා රාත්‍රී ආහාරය රස විදින තැනක් සොයා ගන්න අපිට අමාරු වුනේ නෑ.

    මලීනාහි විශේෂත්වය එහි කෝකියගේ පටන් සේවයන් සියලු දෙනාම ලාංකිකයන් වීම උනත් අරුගම්බේ වෙත එන ඉතාලියානුවන් මෙම තැනට ඒමේ විශේෂත්වය ලෙස මම දකින්නේ ශ්‍රී ලාංකික කෝකියෙකු වුනත් ඔහුගේ නියමාකාර වූ ඉතාලියානු ඉවීමේ කලාවයි.

    එමෙන්ම ඔහු එතන සිටි බොහෝ ඉතාලියනුවන් සමහ චතුරව ඉතාලි භාෂාවෙන් කතා කරා. මේ සංවාද දෙස බලා සිටි මට හැගී ගිය දෙය නම් මේ පුංචි ශ්‍රී ලංකාවේ මිනිසුන් මොනතරම් දක්ෂද යන්නයි.

    සටහන: සජානි හංසිකා


    The post ආරුගම්බේ appeared first on Leo Taprobana.

    ]]>
    0
    admin <![CDATA[හාවා ගල]]> http://test.singhatechnologysolutions.com/?p=1443 2020-01-13T11:09:58Z 2019-12-26T14:40:30Z කදු නගින්න කොලබ බදුල්ල පාරේ නිතරම යන මට බෙලිහුල් ඔය හරියෙ තියන නිකන් ඇදුමක් ඇදගන්න අමතක…

    The post හාවා ගල appeared first on Leo Taprobana.

    ]]>
    කදු නගින්න කොලබ බදුල්ල පාරේ නිතරම යන මට බෙලිහුල් ඔය හරියෙ තියන නිකන් ඇදුමක් ඇදගන්න අමතක උනා වගේ කන්දක් දකින පුළුවන් උනා. .මන් එහෙම කිවිවේ මොකද දන්නවද මේ කන්දේ තනිකරම තියන්නේ පොඩියට හැදුනු මාන පැදුරු විතරයි .

    ඉතින් දුර ඉදන් බලන ඕනෑම කෙනෙක්ට එක පෙන්නේ ඇදුමක් ඇදගෙන නෑවගේ තමයි.ඉතින් කාලෙක ඉදන් මේ කන්ද නගින තිබ්බ ආසව ගිය සතියේ හැබෑ කර ගැන පුළුවන් උනා. වෙනද වගේම කොලබ කොටුවෙන් පාන්දර 2  බස් එකේඑල්ලුන අපිට පාන්දර 6 වගේ වෙනකොට බෙලිහුල් ඔයට එන්න පුළුවන් උන.

    පබහින්නට කිලෝමේටර් 3 කට කලින් බැහැල එතන ඉදන් ලදු යාය වත්තට යන පර දිගේ ගියාම තමයි මේ තැනට යන්න තියන්නේ.මේ කන්දේ නම හාගල.

    ලදු යාය පාර දිගේ ගියාම තමයි පහන්තුඩාව ඇල්ලට යන පාරත් තියන්නේ. අවුව වැටෙන කලින් කන්ද උඩට යන්න ඕන නිසා දිය ඇල්ල බලන එක අපි අනිත් දවසට කල් දාල කන්ද නගින්න පටන ගත්ත.කන්ද පටන් ගැන තැනට යන්නම ගොඩක් දුර යන්න ඕනේ.

    අපි මෙහෙට  එනකොට මේ පාරෙත් බස් යනවා කියලා දැනගෙන හිටියේ නෑ.උදේම ඇරලා තිබ්බ කඩෙන් පාර ඇහුවම ස්කෝලයක් හම්බ වෙනකන් යන්න කියලා තමයි කිවිවේ.මේ ගමට යන පාරේ ස්කොල දෙකක් තියනව.ඒ පාර ඉතින් බස් එකක් එනවද බල බල කන්ද නගින පටන් ගත්ත.කන්ද උඩ වතුර නැති නිසා පහල ඉදන්ම වතුර බෝතල් උස්සන් යන්න උනා.

    කොහොම හරි 9 වගේ වෙනකොට අර කිවිවා ස්කොලේ ලගට අපිට එන්න පුළුවන් උනා.අපි යනකොට ගමේ බස් එක එතැන් අන්තර කරලා.අපේ  ගම් වල වගේ පාරට බැස්සම වෙලාවට බස් නැති උනාට කොච්චර දුෂ්කර උනත් මේ ගමේ වෙලාවට බස් එක නම් එනව.

    ස්කොලේ ලගම වාඩි වෙලා අපි උදේට කන්න කියලා ලෑස්ති උනා.එතකොට තමයි මට පුදුම හිතෙන දෙයක් දැක්කේ.කහපාට සිවිරක් පොරවාගෙන අපි ඉන්න පැත්තවත් නොබලා බිම බලාගෙන ගොඩක් සන්සුන් විදියට වඩින හාමුදුරු කෙනක්.හාමුදුරුවො ඉස්සරහා ඉන්න ගමේ අය එක්ක කතා කරන උත්සහ කරා. එත් ගමේ අයට් තේරුම් ගිය පාටක් නම් දැක්කේනෑ.

    ඒ නිසා එතන හිටිය ආච්චි කෙනක් අපේ ලගට ඇවිත් අනේ පුතේ අර හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරන කියල කිවිවේ,ඒ පාර අපි ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරාම තමය් දන ගැන ලැබුනේ මේ හාමුදුරුවෝ ඇවිත් තියන්නේ ඕස්ට්‍රේලියවෙ ඉදලා කැලේ බාවන කරන්න.

    ගමේ අය ගොඩක් සද්දෙන් රේඩියෝ එහෙම දාන නිසා හාමුදුරුවන්ට බාවන කරන අමාරුයි කියල තමයි අපිට කිවිවේ.හාමුදුරුවො ආයේ කැලෙට වැඩියට පස්සේ අපි ගමේ අයට කිවිව හාමුදුරුවෝ කිවිව දේ.ගමේ අය නම් කිවිවේ එහෙම සද්දෙන් දන්නේ නෑ කියල තමයි.

    කොහොම හරි කෑම කල ඉවර වෙලා එතැන් කඩේ ලගින් තියන කොන්ක්‍රීට් පාරෙන් පහලට බැහැල අපි කන්ද නගින්න, පටන් ගත්ත.දළු කඩන්න යන ගමේ කීප දෙනකුත් අපට අතර මගදි හම්බ උනා .අපි ඒ අය එක්ක කතා කර කර තේ වත්ත දිගේ උඩට නැග්ග.

    ඒ ගොල්ලෝ තේ වත්ත ලග නැවතුනත් එක් කෙනෙක් නම් නවතින පාටක් තිබ්බේ නෑ.දර කඩන්න ආව නන්ද කෙනක් කිවිව මෙයාගේ නම චුටි මෙයාව එක්කන් යන්න ඔයලට පර හොයා ගන්නත් ලේසි වෙයි කියලා.ඔන්න ඒ පාර අපේ නඩේ 3 දෙනයි මායි චුටියි තේ වත්ත ඉවර උනාම තියන කැලේ පාරෙන් ගමන යන පටන් ගත්ත.කැලේ ඉවර උන ගමන් අපි වැටනේ පයිනස් කැලාවකට.

    කන්ද පිහිටලා තියන් විදියයි පයිනස් කොළයි අපේ ගමනට හරස් කපනව කියලා දන්නා නිසාම අපි හිමින් සැරේ කන්ද නගින පටන් ගත්ත.පාර දන්න කෙනා කියලා අපේ ගමනට එකතු කර ගත්ත චුටිගේ එක එක  කෝලන් වැඩ නිසා පයිනස් කොළ අපිට දුන්න කරදර වලට වඩා කරදර ගොඩක තමයි අපිට මුණ දෙන්න සිද්ද උනේ.

    චුටිගෙ කෝලන් වැඩයි අපිට මුණ දෙන්න වුන කරදරයි එක්ක මේ කතාවේ ඊලග කොටසින් ලබන සතියේ හම්බ වෙමු……

    ඔන්න ඉතින් එදා නවතපු තැනින් අද කතාව පටන් ගන්නයි යන්නේ.අමාරුවෙන් වැටී වැටී පයිනස් කලේ පහු කරන ගිය අපිට ඊළගට තිබ්බ ලොකුම අබියෝගේ තමයි ඇදුමක් ඇන්දේ නැති කන්ද දිහා ඈත ඉදන් බලන කෙනෙකුට තටිටයක් වගේ දිලිසෙන කළු ගල් පතුර දිගේ පහලට ගලාගෙන යන වතුර පාරෙන් වතුර එකතු කර ගන්න එක.

    වට්ඝුර නේ කියලා දන්නා නිසාම පහල ගමේ ඉදන්ම කර ගහගෙන ආව වතුර බෝතලේ ඇරෙන්න අපිට වතුර තිබේ නෑ.ඒ නිසා ගල් පතුර ලග නැවතිලා අපි වතුර බොතක් වලට වතුර පුරවන්න පටන් ගත්ත.ඔන්න ඒ පාර හැම දෙයක් ගැනම ලොකු කුතුහලයක් තියන චුටි අපි අමාරුවෙන් වතුර ගන්න වතුර පාරවල් මැදට පැනල ඒවා මඩ කරන්න ගත්තා.

    එයාගේ වැඩ නිසා අමාරුවෙන් පුරවා ගත්ත වතුර බෝතල් 2ක 3ක්ම නිකන්ම නාස්ති වෙලා ගිය .ක්ම හරි එක වතුර බෝතලයක් පුර්වගෙන් අපි කන්ද උඩටම නැග්ගේ රැ වෙන්න කලින් කෑම්ප් කරන තැනක් හොයා ගන්න .අන්තිමට කන්ද උද සමතල තැනක් අපිට හම්බ උන.මේ දවස් වැල් පෑවිල්ල නිසා එතන තිබ වතුර වල හිදිලා තිබ්බ උනත් එතන අපි හැමෝගෙම හිතට ඇල්ලුවා.

    ඉක්මනට කෑම්ප් ගහ ගත්ත අපි ලිපක් පත්තු කරගෙන කෑම හද ගන්න ලැස්ති වුනා.වතුර ප්‍රශ්නේ ඇරුනම උයාගෙන කන්න ඇති තරම් දර තිබ නිසා උයන වැඩේ අමාරු උනේ නෑ.

     සටහන: සජානි හංසිකා 

    The post හාවා ගල appeared first on Leo Taprobana.

    ]]>
    0
    admin <![CDATA[පිදුරංගල]]> http://test.singhatechnologysolutions.com/?p=1440 2020-01-13T11:07:30Z 2019-12-26T14:36:32Z ඔන්න අද කතාව පටන් ගන්නෙ කොත්තුවකින්.ගිය සතියේ දවසක යන්න තැනක් හොය හොයා ඉදල අන්තිමට සීගිරිය බලන…

    The post පිදුරංගල appeared first on Leo Taprobana.

    ]]>
    ඔන්න අද කතාව පටන් ගන්නෙ කොත්තුවකින්.ගිය සතියේ දවසක යන්න තැනක් හොය හොයා ඉදල අන්තිමට සීගිරිය බලන ගියා. පොඩිකාලේ ඉස්කෝල වල, එතකොට ගෙදර අය එක්ක යන ට්‍රිප් ඔය හැම එකක්ම වගේ එක්කන් යන්නේ ඉතින් සිගිරිය බලන්නේ. කමක් නෑ ඔන්න ඔහේ මේ පාරත් ගිහින් බලල එනව කියලා සිගිරි බලන් ගිය මට සිගිරිය ලග තියන කඩෙන් තමයි කන්න උනේ.

    සීගිරියේ තානායම ලග තියන මේ කඩේට කන්න ආවේ ගොඩක් විදේශික අය තමා. කන්න දෙයක් බල බල ඉදපු මට අන්තිමට කොතුවක් කන්න ආස හිතුනා. කොහොම කොහොම හරි අන්තිමට සිගිරි බලන්න ගිය මගේ හිත කොත්තුව ලග නැවතුනා කිවිවොත් හරි. කොත්තුව කාල එන්න නැගිටිනකොටම මන් කිව්ව කතාව තමයි ආයේ නම් කොතුවක් කන්න ඕන නිසාම මං නම් සිගිරි එනව කියලා.

    අන්තිමට එහෙම කියලා සතියක් එන්න උනේ නෑ සිකුරාදා උදේ පාන්දර වෙනකොට කොත්තුව මතක් වෙන්න ගත්ත.ඒ නිසාම සිගිරිය පැත්තේ තව මොනවද බලන්න තියන්නේ කියලා හිතනකොට තමයි පිදුරංගල මතක් උනේ. ඉතින් එවෙලේම බඩු ටික මල්ලකට දාගෙන කොලබ බස් එකේ එල්ලුනේ කොටුවෙන් දඹුල්ලට යන්න හිතාගෙන. කොහම හරි කොටුවෙන් බස් එකට නැග්ග මම හවස් වෙනකොට දඹුල්ලට ඇවිත් හිටියා. දඹුල්ලෙ ඉඳන් සීගිරියට ලග නිසා ගිය පාර මෙහෙ ආවම නැවතුන තැනම මම නවතින්න හිතුවා.

    ගිය පාර සිගිරි ගියේ දඹුල්ලේ ඉදන් බස් එකේ ,මේ පාර බයික් එකක යන්න ආස හිතුන නිසා උදේම නැගිටලා පාරට ඇවිත් බයික් රෙන්ට් එකට දෙන තැනකුත් හොයාගෙන දෙයියනේ කියලා සිගිරිය පැත්තට යන පිටත් උනා.

    පිදුරංගල, මාතලේ දිස්ති‍්‍රක්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, සිගිරි ග්‍රාමයේ තියන සම භූමියක්. මුහුදු මට්ටමේ ඉදන් මීටර් 340 ක් විතර උසින් තම පිහිටලා තියන්නේ.

    විෂේශත්වය තමයි මෙහි පිහිටලා තියන පිදුරංගල විහාරය ඉදි කරන්න පළමු වන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුද වදින කලින්, මේ විහාරයේ වැඩ නිම කරන්න රත්තරන් දුන්න කියන එක. ඉතින් එදා ඉදල තම මේක රන් +පිදු+ගල පිදුරංගල බවට පත් උනේ. කලින් මෙතන අරණ්‍යයක් විදියට තම තිබිල තියෙනේ.

    දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් විතර ගියට පස්සේ සිගිරිය හම්බ වෙනවා. සීගිරියට යන්න හැරෙන්නේ නැතුව කෙලින්ම තියන පාරේ දිගටම ගියම පිදුරංගල හම්බ වෙනවා. කොහොම හරි අපි පන්සල ලගට යනකොට දවල් වෙලා තිබ්බා ඒ වගේම තද අවුවකුත් තිබිබා.

    කොහම හරි එතනට ගිය මට මුලින්ම මතක් උනදේ තමයි අපි පොඩි කලේ සීගිරිය ගැන ඉගන ගාන්නකොට ගුරුතුමීලා කිවුව කතාව. සීගිරියේ චිත්‍ර වල ඉන්න සීගිරි ළදුන් ඔය මල් අරණ යන්නේ පිදුරංගල පන්සලට. කලින් පාර සිගිරි ළදුන් ලස්සන මල් දැක්කනේ. මට මතක් උනේ මෙයාලා මල් අරන් පන්සල් එනකොට ඒ කාලේ එක කොච්චර සුන්දර දර්ශනයක් වෙන්න ඇතිද කියන එක.

    කොහෝම හරි පන්සලත් වැද පුදාගෙන උඩට නගින්න පටන ගත්ත මට අක්කර 13 පුරාවට තියන ගල් වලින් හැදුනු කුටි වගේම නටබු වෙලා ගිය බුදු පිළිම දකින්න පුළුවන උනා.

    පන්සලේ පිළිම වහන්සේ අඩි 49 ½ වගේ දිගයි. ඒ වගේම ලෝකේ පැරණිම වගේම විශාලතම පිළිමය විදියත් හදුන්වනවා. දැන් නම් නිදන් හාරණ අයගේ වැඩ නිසා මේ ගොඩක් පිළිම විනාශ වෙලා ගිහින්.

    ගොඩාක් අය සීගිරිය බලන්න ආවට පිදුරංගලට එන්නේ නෑ මං. එහෙම කියන්නේ මං ගිය වේලෙත් වැඩි පුරම එතන බලන්න ඇවිත් හිටියේ විදේශික අය. ලංකාවේ කෙනෙකුට හිටියේ මම විතරයි. එත් සිගිරිය ලස්සනටම බලා ගන්න පුළුවන් තැන විදියට මම නම් හිතන්නේ පිදුරංගල.

    ගල් උඩින් බඩගාගෙන් ගස් වල එල්ලිලා අන්තිමේ කොහොම කොහොම හරි පිදුරංගල කන්ද උඩට නැග ගත්ත. එතැන හුලන් පාර සැරයි. ඒ නිසාම ඒ ගල උඩ තිබ්බ පොඩි පස් කන්දයි, පතොක් ගස් ටිකයි අරුනම තනිකරම ගල් තලාව විතරයි.

    මං ගිය වෙලාවෙ ඇවිත් හිටිය ගොඩක් විදේශික අය ගල තලාව උඩ වාඩි වෙලා සීගිරි දිහා බලන හිටිය. දවසම උනත් බලන ඉන්න තරම් ඒ පේන දර්ශනය ලස්සනයි. ඉතින් මාත් වාඩි වෙලා සීගිරි ගල දිහාත් ඊට එහායින් පේන ගස් කෝලන් දිහාත් බලන් හිටිය.

    දන්නෙම නැතුව හවස් උන නිසාත් ගත්ත වාහනේ වෙලවට බාර දෙන්න ඕන නිසාත් මං පිදුරංගල කන්දට සමුදීල එන්න පිටත් උනා වගේම පිදුරංගල එන්න හේතු සාදක උන කොත්තු කෑමත් අමතක කරේ නෑ.

    කදු නගින්න කොලඹ බදුල්ල පාරේ නිතරම යන මම බෙලිහුල් ඔය හරියෙ තියන කන්දක් නිතරම දකිනවා. මේ කන්දේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පොඩියට හැදුනු මාන පඳුරු විතරයි. ඉතින් කාලෙක ඉදන් මේ කන්ද නගින්න තිබ්බ ආසව ගිය සතියේ හැබෑ කර ගන්න පුළුවන් උනා.

    වෙනද වගේම කොලඹ කොටුවෙන් පාන්දර 2කේ බස් එකේ නැග්ග අපිට පාන්දර 6 වගේ වෙනකොට බෙලිහුල් ඔයට එන්න පුළුවන් උනා.

    බහින්නට කිලෝමේටර් 3 කට කලින් බැහැල එතන ඉදන් ලදු යාය වත්තට යන පර දිගේ ගියාම තමයි මේ තැනට යන්න තියන්නේ. මේ කන්දේ නම හාගල.

    ලදු යාය පාර දිගේ ගියාම තමයි පහන්තුඩාව ඇල්ලට යන පාරත් තියන්නේ. අව්ව වැටෙන්න කලින් කන්ද උඩට යන්න ඕන නිසා දිය ඇල්ල බලන එක අපි අනිත් දවසට කල් දාල කන්ද නගින්න පටන ගත්තා. කන්ද පටන් ගන්න තැනට යන්නම ගොඩක් දුර යන්න ඕනේ.

    අපි මෙහෙට එනකොට මේ පාරෙත් බස් යනවා කියලා දැනගෙන හිටියේ නෑ. උදේම ඇරලා තිබ්බ කඩෙන් පාර ඇහුවම ඉස්කෝලයක් හම්බ වෙනකන් යන්න කියලා තමයි කිවිවේ. මේ ගමට යන පාරේ ඉස්කොල දෙකක් තියනව. ඒ පාරේ ඉතින් බස් එකක් එනවද බල බල කන්ද නගින පටන් ගත්ත. කන්ද උඩ වතුර නැති නිසා පහල ඉදන්ම වතුර බෝතල් උස්සන් යන්න උනා.

    කොහොම හරි 9 වගේ වෙනකොට අර කිවිවා ඉස්කොලේ ලගට අපිට එන්න පුළුවන් උනා. අපි යනකොට ගමේ බස් එක එතැන් අන්තර කරලා. අපේ ගම් වල වගේ පාරට බැස්සම වෙලාවට බස් නැති උනාට කොච්චර දුෂ්කර උනත් මේ ගමේ වෙලාවට බස් එක නම් එනව.

    ඉස්කොලේ ලගම වාඩි වෙලා අපි උදේට කන්න කියලා ලෑස්ති උනා. එතකොට තමයි මට පුදුම හිතෙන දෙයක් දැක්කේ. කහපාට සිවිරක් පොරවාගෙන අපි ඉන්න පැත්තවත් නොබලා බිම බලාගෙන ගොඩක් සන්සුන් විදියට වඩින හාමුදුරු කෙනක්. හාමුදුරුවො ගමේ අය එක්ක කතා කරන උත්සහ කරා. එත් ගමේ අයට් තේරුම් ගිය පාටක් නම් දැක්කේනෑ.

    ඒ නිසා එතන හිටිය ආච්චි කෙනක් අපේ ලගට ඇවිත් අනේ පුතේ අර හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරන්න කියල කිවිවේ. ඒ පාර අපි ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරාම තමයි දන ගැන ලැබුනේ මේ හාමුදුරුවෝ ඇවිත් තියන්නේ ඕස්ට්‍රේලියවෙ ඉදලා කැලේ ඉඳන් භාවන කරන්න.

    ගමේ අය ගොඩක් සද්දෙන් රේඩියෝ එහෙම දාන නිසා හාමුදුරුවන්ට භාවන කරන්න අමාරුයි කියල තමයි අපිට කිවිවේ. හාමුදුරුවො ආයේ කැලෙට වැඩියට පස්සේ අපි ගමේ අයට කිවිව හාමුදුරුවෝ කිවිව දේ. ගමේ අය නම් කිවිවේ එහෙම සද්දෙන් දාන්නේ නෑ කියල තමයි.

    කොහොම හරි කෑම කාල ඉවර වෙලා එතැන කඩේ ලගින් තියන කොන්ක්‍රීට් පාරෙන් පහළට බැහැල අපි කන්ද නගින්න පටන් ගත්තා. දළු කඩන්න යන ගමේ කීප දෙනකුත් අපට අතර මගදි හම්බ උනා .අපි ඒ අය එක්ක කතා කර කර තේ වත්ත දිගේ උඩට නැග්ගා.

    ඒ ගොල්ලෝ තේ වත්ත ලග නැවතුනත් එක් කෙනෙක් නම් නවතින පාටක් තිබ්බේ නෑ. දර කඩන්න ආව නැන්ද කෙනක් කිවිව මෙයාගේ නම චුටි, මෙයාව එක්කන් යන්න ඔයාලට පර හොයා ගන්නත් ලේසි වෙයි කියලා. ඔන්න ඒ පාර අපේ නඩේ 3 දෙනයි, මායි, චුටියි තේ වත්ත ඉවර උනාම තියන කැලේ පාරෙන් ගමන යන පටන් ගත්ත. කැලේ ඉවර උන ගමන් අපිව වැටුනේ පයිනස් කැලාවකට.

    කන්ද පිහිටලා තියන විදියයි පයිනස් කොළයි අපේ ගමනට හරස් කපනව කියලා දැනගෙනම අපි හිමින් සැරේ කන්ද නගින පටන් ගත්ත. පාර දන්න කෙනා කියලා අපේ ගමනට එකතු කර ගත්ත චුටිගේ එක එක කෝලන් වැඩ නිසා පයිනස් කොළ අපිට දුන්න කරදර වලට වඩා කරදර ගොඩකට තමයි අපිට මුණ දෙන්න සිද්ද උනේ.

    අමාරුවෙන් වැටී වැටී පයිනස් කැලේ පහු කරගෙන ගිය අපිට ඊළගට තිබ්බ ලොකුම අබියෝගේ තමයි, දිහා ඈත ඉදන් බලන කෙනෙකුට, ඇදුමක් ඇන්දේ නැති කන්ද වගේ පෙණුන මාන ගස් පිරිණු කන්දේ, තටිටයක් වගේ දිලිසෙන කළු ගල් පතුර දිගේ පහලට ගලාගෙන යන වතුර පාරෙන් වතුර එකතු කර ගන්න එක.

    පහල ගමේ ඉදන්ම කර ගහගෙන ආව වතුර බෝතලේ ඇරෙන්න අපිට වතුර තිබේ නෑ. ඒ නිසා ගල් පතුර ලග නැවතිලා අපි වතුර බොතල් වලට වතුර පුරවන්න පටන් ගත්ත. ඔන්න ඒ පාර හැම දෙයක් ගැනම ලොකු කුතුහලයක් තියන චුටි අපි අමාරුවෙන් වතුර ගන්න වතුර පාරවල් මැදට පැනල ඒවා මඩ කරන්න ගත්තා.

    එයාගේ වැඩ නිසා අමාරුවෙන් පුරවා ගත්ත වතුර බෝතල් 2ක 3ක්ම නිකන්ම නාස්ති වෙලා ගියා. කොහොම හරි එක වතුර බෝතලයක් පුරවාගෙන අපි කන්ද උඩටම රෑ වෙන්න කලින් නැග්ගේ කෑම්ප් කරන්න තැනක් හොයා ගන්න. අන්තිමට කන්ද උඩ සමතලා තැනක් අපිට හම්බ උනා. මේ දවස් වැල් පෑවිල්ල නිසා එතන තිබ්බ වතුර වල හිඳිලා තිබ්බ උනත් එතන අපි හැමෝගෙම හිතට ඇල්ලුවා.

    ඉක්මනට කෑම්ප් ගහ ගත්ත අපි ලිපක් පත්තු කරගෙන කෑම හදා ගන්න ලැස්ති වුනා. වතුර ප්‍රශ්නේ ඇරුනම උයාගෙන කන්න ඇති තරම් දර තිබ නිසා උයන්න අමාරු උනේ නෑ.

     සටහන: සජානි හංසිකා 

    The post පිදුරංගල appeared first on Leo Taprobana.

    ]]>
    0