Technology – Leo Taprobana https://leotaprobana.com Mon, 30 Dec 2019 10:21:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=5.3.17 රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි https://leotaprobana.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%86%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb/ https://leotaprobana.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%86%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb/#respond Mon, 30 Dec 2019 10:21:53 +0000 http://test.singhatechnologysolutions.com/?p=1525 මේ වෙනකොට අපි ගොඩක් දෙනෙක් වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට හැම ගෙදරකම වගේ Router එකක් තියෙනවා. …

The post රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
මේ වෙනකොට අපි ගොඩක් දෙනෙක් වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට හැම ගෙදරකම වගේ Router එකක් තියෙනවා. 

ඔයාගේ රවුටර් එකට පාස්වර්ඩ් එකක් දාලා නැත්තං ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාගේ WiFi පාවිච්චි කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඉතින් මේකෙන් ඔයාගේ data ප්‍රමාණය අඩුවෙනවා.

දැන් අපි බලමු කොහොමද වයිෆයි පාස්වර්ඩ්  එකක් Add කරන්නේ කියලා සහ වෙනස් කරන්නේ කොහොමද කියලා.

මේකට ඔයාගෙ router  ඒක ඔයා ළඟ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් router එකක පාස්වර්ඩ් එක රවුට එකේ යට පැත්ත අපිට බලාගන්න පුළුවන්.

Wifi SSID සහ WIFI Key කියලා Codes දෙකක් ඔයාට බලාගන්න පුලුවන් වෙයි. Wifi SSID  කියන්නේ වාගේ වයිෆයි එකේ නම. WIFI Key කියන්නේ පාස්වර්ඩ් එක. 

මේ නම සහ පාස්වර්ඩ් එක වැඩ කරන්නේ router එකේ ඔය විදිහට එන default password කලින් මාරු කරලත් නැත්තං විතරයි.  මාරු කරලා තියෙනවනම් wifi එකට connect වෙන්න ඒ මාරු කරපු පහසුවට එක ඕනේ.


ඉතින් දැන් අපි බලමු රවුට එකේ තියෙන පාස්වර්ඩ් එක වැඩ කරන්නෙ නැත්තං පාස්වර්ඩ් එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

 මුලින්ම රවුටර් එක cable එකක් හරහා computer එකකට connect කරගන්න ඕනේ.  ඊට පස්සේ රවුටර් එක පිටිපස්සේ තියෙන web address එක browser එකේ ඇතුලත් කරන්න. බොහෝ අවස්ථාවල (http://192.168.1.8) හෝ (http://192.168.1.1).

දැන් login කියන එක ක්ලික් කරල රවුටර් එක පිටිපස්සේ තියෙන username එක සහ password එක පාවිච්චි කරලා ලොගින් වෙන්න.

 ඊළඟට Settings > WLAN Settings > WLAN Basic Settings වෙත ගොස් WPA pre-shared key වෙත ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එකක් ලබාදෙන්න. ඉන්පසුව apply click කරන්න. 

 දැන් ඔබ ලබාදුන් පාස්වර්ඩ් එක ඔබගේ වයිෆයි පාස්වර්ඩ් එක ලෙස පාවිච්චි කළ හැකියි.

The post රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
https://leotaprobana.com/%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%86%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb/feed/ 0
ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි https://leotaprobana.com/%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd/ https://leotaprobana.com/%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd/#respond Mon, 30 Dec 2019 09:53:34 +0000 http://test.singhatechnologysolutions.com/?p=1519  ඊමේල් කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට වර්තමානයේ දී අවශ්‍යම දෙයක්. ව්‍යාපාර කටයුතු වලට විතරක් නෙමෙයි,  එදිනෙදා කටයුතු…

The post ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
 ඊමේල් කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට වර්තමානයේ දී අවශ්‍යම දෙයක්. ව්‍යාපාර කටයුතු වලට විතරක් නෙමෙයි,  එදිනෙදා කටයුතු වලටත් ගොඩක් දෙනෙක් ඊමේල් පාවිච්චි කරනවා.

උදාහරණයක් විදිහට බැංකු ගිණුම් ආදියේ විස්තර ලබාගන්න එදිනෙදා සාමාන්‍ය පුද්ගලයන් ඊමේල් පාවිච්චි කරනවා.

මීට අමතරව ගොඩක් දෙනෙක් තමන්ගේ මාකටින් සඳහා ඊමේල් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ විදිහට එවන marketing email වලින් අපේ inbox එක පිරෙනවා.

දැන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද ඔයාලට අවශ්‍ය නැති ඊමේල් තමන්ගේ inbox එකට එන එක වලක්වා ගන්න හැටි.

පළමු ක්‍රමය – අදාල ඊමේල් එක බ්ලොක් කිරීම.

ඔයාට අවශ්‍ය නැති ඊමේල් එවන අය ඉන්නවනම් ඔයාලට ඒ ඊමේල් බ්ලොග් කරන්න Gmail වලින් පුළුවන්.

  1. මුලින්ම gmail.com website එකට ගිහිල්ලා ඔයාගේ gmail එකට log in වෙන්න.
  2. දැන් ඔයාට අනවශ්‍ය විදිහට ආව ඊමේල් එකකට ගිහිල්ලා ඒ ඊමේල් එකක් ඕපන් කරන්න.
  3. ඊළඟට දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Block කියන එක click කරන්න.

4. ඊළඟට එන popupඑකෙන් block කියන එක දීලා confirm කරන්න.

දෙවෙනි ක්‍රමය – Filters භාවිතා කිරීම.

මගින් Filters භාවිතා කර අනවශ්‍ය ඊමේල් Block කරන්න අවස්ථාව දීලා තියෙනවා.

  1. පළමුව gmail.com වෙත පිවිස ලොග් වෙන්න. ඉන්පසු search bar එක සමඟ පිහිටි dropdown button එක click කරන්න.
  2. දැන් ඔබට අවශ්‍ය පරිදි ඊමේල් , වචන ආදිය යොදා ෆිල්ටර් එකක් සකස් කරගන්න. Create filter click කරන්න.

3. දැන් ඔබට ඔබ සකස් කළ filter එකට අදාල emails හෝ වචන වලින් පැමිණෙන ඊමේල් වලට සිදුවිය යුත්තේ කුමක්දැයි තීරණය කළ හැකියි. delete ලබාදීමෙන් එම ඊමේල් මගින් පැමිණෙන ඊමේල් ඉබේම ඩිලීට් වනු ඇත.

The post ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි appeared first on Leo Taprobana.

]]>
https://leotaprobana.com/%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd/feed/ 0