අද අපි ඔබව අරගෙන යන්නේ අග්නිදිග වෙරළ තීරයේ පිහිටා තිබෙන විශාලම සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ ලෙස හදුන්වන ආරුගම්බේ වලටයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ නිරන්තර ආකර්ෂණයට ලක් වෙන මෙම සොදුරු වෙරල තීරය කාවන්තිස්ස රජු විසින් “අර ගම ” ලෙසින් හදුන්වනු ලැබ පසුව එය අරුගම වී මෙම ප්‍රදේශයේ ඇති භූ විෂමතා ලක්ෂණයට අනුව අද ආරුගම්බේ බවට පත්වී තිබෙනවා.
අද වන විට මෙම ප්‍රදේශය ලොව පුරාම ප්‍රචලිත වී ඇත්තේ රළ මත ලිස්සායාම හෙවත් සර්ෆින් ක්‍රීඩාවෙන්.
සුපුරුදු විදියටම අපි අපේ ගමන පටන් ගත්තේ මහරගමින්. කොලබ ඉදන් ආරුගම්බේ වලටම 320 km විතර තියනව ඉතින් අපි මේ 320 km ම අපේ සුපුරුදු ගමන් සගය එක්කම යන හිතුව නිසාවෙන් රට මැදින් පළාත් හතරක් පහුකරගෙන අපි අපේ ගමන් යන්න පිටත් වුනා. කොහොම හරි පාන්දර 4ට අපේ ගමන ආරම්භ කර අපි අව්ස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, උඩවලව, කුඩා ඔය, බුත්තල, මොණරාගල, සියබලාණ්ඩුව, ලාහුගල හරහා පොතුවිල්වලට ආවා.
පැය 7කටත් වැඩ වැඩි ඒකාකාරී ගමනක් උනත් පළාතෙන් පළාතට වෙනස් වෙන පරිසරයත් එක්කම ගමනේ තිබුන මහන්සිය ටිකක් විතර මග හැරිලා ගියා. මේ මාර්ගයේ ඔබ යනවා නම් ඔබට ආරුගම්බේ යන අතරතුර බලන්න පුළුවන් සුවිශේෂී ස්ථාන විදියට ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය, උඩවලව ජාතික වන උද්‍යානය සහ ලාහුගල වන උද්‍යානය හදුන්වන්න පුළුවන්.
නිරිතදිග මෝසම් කාලය හෙවත් අප්‍රේල් සහ ඔක්තෝබර් අතර කාලය ආරුගම්බේව හි සර්ෆින් වාරය ලෙස හදුන්වන්න පුළුවන්.
කොහොම හරි උඩවලවල පහුකරගෙන යන අපිට අතර මගදී තවත් යාලුවෙක් මුණ ගැහුනා. මේ පාරේ යන එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආහාර බලාපොරොත්තුවෙන් තමගේ දිගම දිග හොඩවැලත් වැට අස්සෙන් රිංගගෙන ඔහු බලාගෙන හිටියෙ අපුරු නර්තනයකුත් එක්කමයි.
අපි එතනට එනකොටත් විදේශිකයන් කිහිප දෙනෙක්ම ඔහුගේ මේ අපුරු නර්තනය කැමරාවට හසු කරගනිමින් සිටියා. අපිත් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගෙන වගේම ගමන් මහන්සියත් ටිකක් නිවා ගැන බලාපොරොත්තුවෙන් අපේ ස්කුටර් ගමන් සගයව පාරේ අයිනෙන් නතර කරලා ජායාරූප ටිකක් ගත්තා.
උඩවලවේදී විතරක් නෙවෙයි ආරුගම්බේ යන අතරතුර ලාහුගල කලේ මැදින් යන මාර්ගයේ යන ඕන කෙනෙකුට වාසනාව තිබුනොත් අලියෙක් දෙන්නෙක් බල ගන්න බැරි වෙන්නේ නැහැ.ජයාරූප ගැන එක නවත්තල අපි ආයේ පොතුවිල් වලට එන්න පිටත් වුන.
පොතුවිල් වල ඉදලා 4 km විතර දුරක් ගියාම ආරුගම්බේ වලට එන්න පුළුවන්.පොතුවිල් කියනේ දැඩි ලෙස වෙළද ආධිපත්‍යය හසු වූ නගරයක් කියල කියන පුළුවන්.ඒ නිසාම බැංකු, atm පසුකම්, සුපර් මාර්කට් වැනි පහසුකම් මේ නගරය තුල නොඅඩුව දැක ගන්න පුළුවන්. පොතුවිල් නගරයේ ටිකක් ඇවිද්ද අපි අපට ඕන කරන කෑම බිම ටිකත් එකතු කරගෙන ආයේ අපේ ගමන ආරම්භ කරා.
පොතුවිල් වල ඉදලා ටික දුරක් එනකොට අපිට වැදගත් වෙන මුහුදු මහා විහාරය පිහිටලා තියන්නේ. කාවන්තිස්ස රජ සමයේ ඇති වුනු මුහුද ගොඩගැලීමෙන් රට බේරාගන්න කැළණිතිස්ස රජයතුමාගේ දියණිය වූ විහාරමහා දේවිය යාත්‍රාවක නංවාල මුහුදට පා කරලා තියනවා. අන්තිමේදී ඇය පාවෙලා ඇවිත් තියන්නේ නැගෙනහිර පළාතේ පොතුවිල් වලට යාබද කෝමාරි කියන ප්‍රදේශයට.
මේ තැනට නම ලැබිල තියෙන්නෙත් කුමරිය ආ තැන නිසාලු.කොහොම උනත් විහාරමහාදේවිය ගැන කිරින්ද ප්‍රදේශයත් සම්බන්දයෙන් මෙවැනිම කතාවක් අපි අහල තියනවා. මේකෙන් කොයි කතාව නිවැරදි උනත් විහාර ඉදිකරලා තියෙන්නේ මේ සිදුවීම සිහිපත් කරන කියල තමයි බොහෝ දෙනා කියන්නේ.
කොහොම හරි හවස 2 වගේ වෙනකොට අපිට අරුගම්බේ වලට එන්න පුළුවන් වුණා. ගමන් මහන්සිය නිසාම කෙලින්ම අපේ නවාතැනට ගිය අපි විවේක ගන්න ගමන් අපේ ඊලග දවස් කීපයේ අපිට බලන්න තියන තැන් ගැන බලන්න ගත්ත.
මම කලින්ම කිව්වනේ ආරුගම්බේ කියන්නේ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත්ත ස්ථානයක් ඒ නිසා අද වෙන කොට මෙම ප්‍රදේශය පුරාවටම නවතින ඕන තරම් තැන් හොයා ගැන පුළුවන්. සංචාර හෝටල් වගේම අද වෙන කොට සංචාරක හොස්ටල් වගේම හොම්ස්ටේ වගේ පහසුකමුත් ලෙහෙසියෙන්ම ලබා ගන්න පුළුවන්.
ඒ වගේ කදවුරු බදින්න ආස කරන කෙනෙකුටත් මේ ආරුගම්බේ පුරාවටම තමන්ට කදවුරු බදින්න තැනක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ.
දවල් 12 විතර ඉදන් හවස 3,4 වෙනකන්ම ආරුගම්බේ වලට ගොඩක්ම තදින් ඉර පායනවා. මේ නිසා එලියක පහලියක ඇවිදින නම් අමාරුයි.ආරුගම්බේ සුන්දරත්වය බලන්න හොදම වෙලාව විදියට උදේ ඉර පායන වෙලාවත් හවසට ඉර බැහැගෙන යන වෙලාවත් හදුන්වන්න පුළුවන්. බඩ කට පිරෙන කාල ගමන් මහන්සියත් නිවා ගත්ත අපි අපේ නවාතැන ලගම තියන ආරුගම්බේ වෙරළ තිරය බලන්න ගිය.
ඒ වෙනකොටත් ඉර රතු පාටින් බැහැල යන්න පටන් අරන් තිබුන වුනත් මුහුදු රලත් එක්ක පොර බදිමින් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන විදේශිකයන්ගෙන් නම් අඩුවක් තිබුනේ නෑ. ආරුගම්බේ ප්‍රධාන ස්ථානය ඇරුනම විස්කි පොයින්ට්,පොතුවිල් පොයින්ට්,එලිෆන්ට් රොක්,පීනට් ෆාම් සහ ඔකද දකුණු ප්‍රදේශය මේ සර්ෆින් ක්‍රීඩාව කරන පුළුවන් තවත් ස්ථාන විදියට හදුන්වන්න පුළුවන්.
ආරුගම්බේ එන්න අපේ ප්‍රධානම හේතුව උනෙත් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන්න තිබුණු ඕනෑ කම. ඒ නිසා හෙට උදේම සර්ෆින් කරන්න යන්න බලාපොරොත්තුවෙන් අපි වේලාසන නින්දට ගියා. මම කිවුවනේ ආරුගම්බේ සුන්දරත්වය විදින හොදම වෙලාවක් තමයි උදේ කියන්නේ.
ඒ නිසා උදේම ඇහැරුණු අපි ඇදුම් දෙක තුනකුත් මල්ලක ඔබාගෙන අවට සුන්දරත්වය නරබමින් ආරුගම්බේ ඉදන් පානම පැත්තට අපේ ගමන ආරම්භ කරා. 1818 දී වෙල්ලස්සේ කැරැල්ල සමග ඉංග්‍රීසින්ගෙ වියරුවට මැදිව දිවි ගලවාගත් සිංහලයින් නැගෙනහිර මුහුදු තිරයේ කෙළවර පානම එහෙමත් නැත් නම් පානම් පත්තුවේ නම ජීවිකාව අලුතින් ආරම්භ කරන්න වුනා.
ඒ අනුව අදටත් නැගෙනහිර මුහුදු තිරයේ අවසාන සිංහල ගම බවට පානම පත් වුනා. මොවුන්ගෙන් බොහෝ දෙනා සිංහල දෙමල සම්භවයක් ඇති බුදුදහම හා දෙවියන් දෙපිරිසම අදහන පිරිසක් ලෙස දැක්විය හැකිය. ඒ බව සනාත කරන්න පොතුවිල් ගම්මානය හරහා යන අපිට බොහොමයක් දේවල දේව පිළිම ආදිය දැක ගන්න පුළුවන් වුනා.
අපි සර්ෆ් කරන ස්ථානය විදියට තෝරාගත්තේ එලිෆන්ට් රොක් කියන ස්ථානය.ආරුගම්බේ ඉදල මෙතනට 5 km වගේ දුරක් තමයි තියන්නේ. මෙය සංචාරකයන් ඇරුනම ගොඩක්ම හුදකලාව තියන වෙරළක් විදියට හදුන්වන්න පුළුවන්.උදෑසන සුන්දරත්වය පිරි සාමකාම් පෙදෙසක ඔබට තනිවෙන්නට අවශ්‍ය නම් මේ ස්ථානය එයට හොදම තැනක් විදියට හදුන්වන්න පුළුවන්. මේ අවට අලි ඇතුන්,කිබුලන් සහ විවිධ කිරුළු වාර්ගද දැක ගැන්න පුළුවන්.
අලි ඇතුන් සහ මේ ස්ථානයේ තිබෙන විශ්මය ජනක පාෂාණය නිසාම මෙතනට එලිෆන්ට් රොක් කියන නම හොදටම ගැලපෙනවා. අපි මෙතනය එනකොටත් සර්ෆින් කරන බොහෝ විදේශිකයින් ප්‍රමාණයක් වෙරළට එකතු වෙලා ඉන්න බව අපිට දැක ගන්න පුළුවන් වුන. සර්ෆින් ක්‍රීඩාවේ ආරම්භකයන් සදහා මෙන්ම වෘත්තීමය රළ පදින්නන්ටත් මෙම ස්ථානය බොහෝම ආරක්ෂාකාරියි.
පැය ගානක් මුහුදු රලත් එක්ක ඔට්ටු උන අපිට පාන් කියා ගන්න බැරුව ගොඩට ආවම ඇදුම් එකක්ම මල්ලට ඔබා ගත්ත පාන් ගෙඩිය මතක් වුණා. එලිෆන් රොක් එකට නැග්ග අපි හෙවන තැනක් බලලා වාඩි උනු අපි අපේ උදේ ආහාරය ගත්ත. ඉර අව්වත් ටිකෙන් ටික වැඩි වෙනකොට අපි ආයේ ආරුගම්බේ වලට ආවේ ඉර අවුව අඩු උන ගමන්ම ආයේ අපේ සංචාරය ආරක්භ කරන හිතාගෙන.
ඊළගට අපි යන් හිත්ගෙන් ඉන්නේ ෆිනට් ෆාම් වලට .ෆිනට් ෆාම් වලට යන පාර වැටිලා තියන්නේ අලි ඇතුන් නිදහසේ සැරි සරණ වනාන්තරයක් හරහා. ඉතින් මෙතනට යනවා නම් හවස් වෙන්න කලින් එතනට් ගිහින් එන්නත් ඕනේ.මොකද හවස 4 5 න් පස්සේ අලින් මේ පාර පුරාවටම ඉන්න නිසා.ඒ නිසා පොඩි විවේකයකින් පස්සේ අපි පීනට් ෆාම් වලට යන්න අපේ ගමන ආරම්භ කරා පානමට යනකොට ඒ අතරින් තියන කැලය මැදින් ඇති ජීප් රථ පාර තමයි මෙතනට යන්න තියන මාර්ගය. වහින කාලෙට නම් මේ පැත්තට යන්න තිය හිතන්නවත් බැහැ.මොකද මේ කාලය ඔක්කොම වතුරෙන් යට වෙන නිසා.
විදේශිකයන් නම් ගොඩක් වෙලාවට මේ තැනට යන්න ත්‍රිවිල් එකක් නැත් නම් ජීප් රථයක් තමයි යොදා ගන්නේ. අපිත් මුලින්ම ත්‍රී විල් එක්ක යන්න හිතුවත් අපේ ගමන් සහය එක්කම මේ ගමන යනවා කියලා හිතාගෙන. ටික වෙලාවකින් අපිට ත්‍රිවිල් එක්ක ආවනම් හොදයි කියල හිතෙන්න ගත්තේ පොලොව උඩින් ඒපළාත පුරාම පැතිරිලා තිබුණු ඝන වැලි තටිටුව නිසා. කොහොම කොහොම හරි ටික දුරක් ස්කුරටයත් බැලන්ස් කරන්න එන්න පුළුවන් උනාට එන්න එන්නම වාහනය අරණන් යන්න අමාරු වුනා.
මේ එන පාරේ අපිටත් වඩා උසට කැලෑව ඉතින් අපි මේ ස්කුටරේ එක්ක ඔට්ටුවෙන වෙලාවේ අලියෙක් එහෙම ආවනම් කොහොම වේද කියල හිතල පස් හය පාරක් බිම වැටී වැටී උනත් ඒ ගැන බල බල ඉන්න වෙලා නොගෙන අපි ඉක්මනටම පීනට් ෆාම් වලට ආවා.
අමාරුවෙන් හරි අපි මේතනට ආව එක හොදයි කියල හිතුනේ මේ මුහුදු වෙරළේ තියෙන සුන්දරත්වය නිසාමයි. කොහොමත් ලේසියෙන්ම මේ වගේ තැනක් බලනවට වඩා අමාරුවෙන් ඒ තැන බලන් එනකොට එතන තියන වටිනාකමත් තවත් වැඩි වෙනවා.
වැලි සහිත වෙරළ තිරයෙන් හා විශාල ගල් කුට්ටි වලින් හෙබි මේ වෙරල තිරයද සංචරයන්ගේ ආකර්ෂණය බහුලව දිනාගත් ස්ථානයක් ලෙස දැක්වන්න පුළුවන්.සර්ෆින් ක්‍රීඩාව සදහා ලංකාවට එන පිරිසගෙන් බොහේ දෙනෙක් මෙම ස්ථාන එන්න අමතක නොකරන්නේ මෙතන තියන සුන්දරත්වය වගේම සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන්න සුදුසු පරිසරයක් මෙතන තියෙන නිසාවෙන්මයි.
විවධ වර්ණයෙන් සැරසුණු ධිවර යාත්‍රා,සර්ෆින් බෝර්ඩ් වගේම පාර දෙපැත්තේ තියන විවිධ රටවල් වලට ආවේනික කෑම වලින් පිරුණු අපනශාලාද අරුගම්බේ වලට විශේෂයි. විවිධ රටවලින් පැමිණෙන විදේශීය සංචාරකයන් මෙම ප්‍රදේශයට වීශාලා වශයෙන් පැමිණෙන නිසාවෙන් මෙම ආහාර විවිධත්වය දැක ගන්න පුළුවන්.ඒ අතරින් මගේ ප්‍රියතම අවන්හල වුනේ ඉතාලියානු අහාර වලින් සමන්විත මලීනා අවන්හලයි.
නොදැනීම පීනටි ෆාමි වලට රාත්‍රිය ලගා වෙන්න වුන නිසා අපි අපේ රාතී‍්‍ර අහාරය සදහා මලීනා අවන්හලට ආව.අපි එතනට එනකොටත් බොහෝ ඉතාලි සංචාරකයන්ගෙන් අවන් හල පිරිලා තිබුන උනත් නිදහසේ වාඩි වෙලා රාත්‍රී ආහාරය රස විදින තැනක් සොයා ගන්න අපිට අමාරු වුනේ නෑ.
මලීනාහි විශේෂත්වය එහි කෝකියගේ පටන් සේවයන් සියලු දෙනාම ලාංකිකයන් වීම උනත් අරුගම්බේ වෙත එන ඉතාලියානුවන් මෙම තැනට ඒමේ විශේෂත්වය ලෙස මම දකින්නේ ශ්‍රී ලාංකික කෝකියෙකු වුනත් ඔහුගේ නියමාකාර වූ ඉතාලියානු ඉවීමේ කලාවයි.
එමෙන්ම ඔහු එතන සිටි බොහෝ ඉතාලියනුවන් සමහ චතුරව ඉතාලි භාෂාවෙන් කතා කරා. මේ සංවාද දෙස බලා සිටි මට හැගී ගිය දෙය නම් මේ පුංචි ශ්‍රී ලංකාවේ මිනිසුන් මොනතරම් දක්ෂද යන්නයි.
සටහන: සජානි හංසිකා