කදු නගින්න කොලබ බදුල්ල පාරේ නිතරම යන මට බෙලිහුල් ඔය හරියෙ තියන නිකන් ඇදුමක් ඇදගන්න අමතක උනා වගේ කන්දක් දකින පුළුවන් උනා. .මන් එහෙම කිවිවේ මොකද දන්නවද මේ කන්දේ තනිකරම තියන්නේ පොඩියට හැදුනු මාන පැදුරු විතරයි .
ඉතින් දුර ඉදන් බලන ඕනෑම කෙනෙක්ට එක පෙන්නේ ඇදුමක් ඇදගෙන නෑවගේ තමයි.ඉතින් කාලෙක ඉදන් මේ කන්ද නගින තිබ්බ ආසව ගිය සතියේ හැබෑ කර ගැන පුළුවන් උනා. වෙනද වගේම කොලබ කොටුවෙන් පාන්දර 2 බස් එකේඑල්ලුන අපිට පාන්දර 6 වගේ වෙනකොට බෙලිහුල් ඔයට එන්න පුළුවන් උන.
පබහින්නට කිලෝමේටර් 3 කට කලින් බැහැල එතන ඉදන් ලදු යාය වත්තට යන පර දිගේ ගියාම තමයි මේ තැනට යන්න තියන්නේ.මේ කන්දේ නම හාගල.
ලදු යාය පාර දිගේ ගියාම තමයි පහන්තුඩාව ඇල්ලට යන පාරත් තියන්නේ. අවුව වැටෙන කලින් කන්ද උඩට යන්න ඕන නිසා දිය ඇල්ල බලන එක අපි අනිත් දවසට කල් දාල කන්ද නගින්න පටන ගත්ත.කන්ද පටන් ගැන තැනට යන්නම ගොඩක් දුර යන්න ඕනේ.
අපි මෙහෙට එනකොට මේ පාරෙත් බස් යනවා කියලා දැනගෙන හිටියේ නෑ.උදේම ඇරලා තිබ්බ කඩෙන් පාර ඇහුවම ස්කෝලයක් හම්බ වෙනකන් යන්න කියලා තමයි කිවිවේ.මේ ගමට යන පාරේ ස්කොල දෙකක් තියනව.ඒ පාර ඉතින් බස් එකක් එනවද බල බල කන්ද නගින පටන් ගත්ත.කන්ද උඩ වතුර නැති නිසා පහල ඉදන්ම වතුර බෝතල් උස්සන් යන්න උනා.
කොහොම හරි 9 වගේ වෙනකොට අර කිවිවා ස්කොලේ ලගට අපිට එන්න පුළුවන් උනා.අපි යනකොට ගමේ බස් එක එතැන් අන්තර කරලා.අපේ ගම් වල වගේ පාරට බැස්සම වෙලාවට බස් නැති උනාට කොච්චර දුෂ්කර උනත් මේ ගමේ වෙලාවට බස් එක නම් එනව.
ස්කොලේ ලගම වාඩි වෙලා අපි උදේට කන්න කියලා ලෑස්ති උනා.එතකොට තමයි මට පුදුම හිතෙන දෙයක් දැක්කේ.කහපාට සිවිරක් පොරවාගෙන අපි ඉන්න පැත්තවත් නොබලා බිම බලාගෙන ගොඩක් සන්සුන් විදියට වඩින හාමුදුරු කෙනක්.හාමුදුරුවො ඉස්සරහා ඉන්න ගමේ අය එක්ක කතා කරන උත්සහ කරා. එත් ගමේ අයට් තේරුම් ගිය පාටක් නම් දැක්කේනෑ.
ඒ නිසා එතන හිටිය ආච්චි කෙනක් අපේ ලගට ඇවිත් අනේ පුතේ අර හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරන කියල කිවිවේ,ඒ පාර අපි ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරාම තමය් දන ගැන ලැබුනේ මේ හාමුදුරුවෝ ඇවිත් තියන්නේ ඕස්ට්‍රේලියවෙ ඉදලා කැලේ බාවන කරන්න.
ගමේ අය ගොඩක් සද්දෙන් රේඩියෝ එහෙම දාන නිසා හාමුදුරුවන්ට බාවන කරන අමාරුයි කියල තමයි අපිට කිවිවේ.හාමුදුරුවො ආයේ කැලෙට වැඩියට පස්සේ අපි ගමේ අයට කිවිව හාමුදුරුවෝ කිවිව දේ.ගමේ අය නම් කිවිවේ එහෙම සද්දෙන් දන්නේ නෑ කියල තමයි.
කොහොම හරි කෑම කල ඉවර වෙලා එතැන් කඩේ ලගින් තියන කොන්ක්‍රීට් පාරෙන් පහලට බැහැල අපි කන්ද නගින්න, පටන් ගත්ත.දළු කඩන්න යන ගමේ කීප දෙනකුත් අපට අතර මගදි හම්බ උනා .අපි ඒ අය එක්ක කතා කර කර තේ වත්ත දිගේ උඩට නැග්ග.
ඒ ගොල්ලෝ තේ වත්ත ලග නැවතුනත් එක් කෙනෙක් නම් නවතින පාටක් තිබ්බේ නෑ.දර කඩන්න ආව නන්ද කෙනක් කිවිව මෙයාගේ නම චුටි මෙයාව එක්කන් යන්න ඔයලට පර හොයා ගන්නත් ලේසි වෙයි කියලා.ඔන්න ඒ පාර අපේ නඩේ 3 දෙනයි මායි චුටියි තේ වත්ත ඉවර උනාම තියන කැලේ පාරෙන් ගමන යන පටන් ගත්ත.කැලේ ඉවර උන ගමන් අපි වැටනේ පයිනස් කැලාවකට.
කන්ද පිහිටලා තියන් විදියයි පයිනස් කොළයි අපේ ගමනට හරස් කපනව කියලා දන්නා නිසාම අපි හිමින් සැරේ කන්ද නගින පටන් ගත්ත.පාර දන්න කෙනා කියලා අපේ ගමනට එකතු කර ගත්ත චුටිගේ එක එක කෝලන් වැඩ නිසා පයිනස් කොළ අපිට දුන්න කරදර වලට වඩා කරදර ගොඩක තමයි අපිට මුණ දෙන්න සිද්ද උනේ.
චුටිගෙ කෝලන් වැඩයි අපිට මුණ දෙන්න වුන කරදරයි එක්ක මේ කතාවේ ඊලග කොටසින් ලබන සතියේ හම්බ වෙමු……
ඔන්න ඉතින් එදා නවතපු තැනින් අද කතාව පටන් ගන්නයි යන්නේ.අමාරුවෙන් වැටී වැටී පයිනස් කලේ පහු කරන ගිය අපිට ඊළගට තිබ්බ ලොකුම අබියෝගේ තමයි ඇදුමක් ඇන්දේ නැති කන්ද දිහා ඈත ඉදන් බලන කෙනෙකුට තටිටයක් වගේ දිලිසෙන කළු ගල් පතුර දිගේ පහලට ගලාගෙන යන වතුර පාරෙන් වතුර එකතු කර ගන්න එක.
වට්ඝුර නේ කියලා දන්නා නිසාම පහල ගමේ ඉදන්ම කර ගහගෙන ආව වතුර බෝතලේ ඇරෙන්න අපිට වතුර තිබේ නෑ.ඒ නිසා ගල් පතුර ලග නැවතිලා අපි වතුර බොතක් වලට වතුර පුරවන්න පටන් ගත්ත.ඔන්න ඒ පාර හැම දෙයක් ගැනම ලොකු කුතුහලයක් තියන චුටි අපි අමාරුවෙන් වතුර ගන්න වතුර පාරවල් මැදට පැනල ඒවා මඩ කරන්න ගත්තා.
එයාගේ වැඩ නිසා අමාරුවෙන් පුරවා ගත්ත වතුර බෝතල් 2ක 3ක්ම නිකන්ම නාස්ති වෙලා ගිය .ක්ම හරි එක වතුර බෝතලයක් පුර්වගෙන් අපි කන්ද උඩටම නැග්ගේ රැ වෙන්න කලින් කෑම්ප් කරන තැනක් හොයා ගන්න .අන්තිමට කන්ද උද සමතල තැනක් අපිට හම්බ උන.මේ දවස් වැල් පෑවිල්ල නිසා එතන තිබ වතුර වල හිදිලා තිබ්බ උනත් එතන අපි හැමෝගෙම හිතට ඇල්ලුවා.
ඉක්මනට කෑම්ප් ගහ ගත්ත අපි ලිපක් පත්තු කරගෙන කෑම හද ගන්න ලැස්ති වුනා.වතුර ප්‍රශ්නේ ඇරුනම උයාගෙන කන්න ඇති තරම් දර තිබ නිසා උයන වැඩේ අමාරු උනේ නෑ.
සටහන: සජානි හංසිකා