රවුටර් එකේ වයිෆයි පාස්වර්ඩ් වෙනස් කරන හැටි

by admin
How to change WIFI Password

මේ වෙනකොට අපි ගොඩක් දෙනෙක් වයිෆයි පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට හැම ගෙදරකම වගේ Router එකක් තියෙනවා. 

ඔයාගේ රවුටර් එකට පාස්වර්ඩ් එකක් දාලා නැත්තං ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාගේ WiFi පාවිච්චි කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. ඉතින් මේකෙන් ඔයාගේ data ප්‍රමාණය අඩුවෙනවා.

දැන් අපි බලමු කොහොමද වයිෆයි පාස්වර්ඩ්  එකක් Add කරන්නේ කියලා සහ වෙනස් කරන්නේ කොහොමද කියලා.

මේකට ඔයාගෙ router  ඒක ඔයා ළඟ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් router එකක පාස්වර්ඩ් එක රවුට එකේ යට පැත්ත අපිට බලාගන්න පුළුවන්.

Wifi SSID සහ WIFI Key කියලා Codes දෙකක් ඔයාට බලාගන්න පුලුවන් වෙයි. Wifi SSID  කියන්නේ වාගේ වයිෆයි එකේ නම. WIFI Key කියන්නේ පාස්වර්ඩ් එක. 

මේ නම සහ පාස්වර්ඩ් එක වැඩ කරන්නේ router එකේ ඔය විදිහට එන default password කලින් මාරු කරලත් නැත්තං විතරයි.  මාරු කරලා තියෙනවනම් wifi එකට connect වෙන්න ඒ මාරු කරපු පහසුවට එක ඕනේ.


ඉතින් දැන් අපි බලමු රවුට එකේ තියෙන පාස්වර්ඩ් එක වැඩ කරන්නෙ නැත්තං පාස්වර්ඩ් එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

 මුලින්ම රවුටර් එක cable එකක් හරහා computer එකකට connect කරගන්න ඕනේ.  ඊට පස්සේ රවුටර් එක පිටිපස්සේ තියෙන web address එක browser එකේ ඇතුලත් කරන්න. බොහෝ අවස්ථාවල (http://192.168.1.8) හෝ (http://192.168.1.1).

දැන් login කියන එක ක්ලික් කරල රවුටර් එක පිටිපස්සේ තියෙන username එක සහ password එක පාවිච්චි කරලා ලොගින් වෙන්න.

 ඊළඟට Settings > WLAN Settings > WLAN Basic Settings වෙත ගොස් WPA pre-shared key වෙත ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එකක් ලබාදෙන්න. ඉන්පසුව apply click කරන්න. 

 දැන් ඔබ ලබාදුන් පාස්වර්ඩ් එක ඔබගේ වයිෆයි පාස්වර්ඩ් එක ලෙස පාවිච්චි කළ හැකියි.

Related Articles

Leave a Comment