පිදුරංගල

by admin

ඔන්න අද කතාව පටන් ගන්නෙ කොත්තුවකින්.ගිය සතියේ දවසක යන්න තැනක් හොය හොයා ඉදල අන්තිමට සීගිරිය බලන ගියා. පොඩිකාලේ ඉස්කෝල වල, එතකොට ගෙදර අය එක්ක යන ට්‍රිප් ඔය හැම එකක්ම වගේ එක්කන් යන්නේ ඉතින් සිගිරිය බලන්නේ. කමක් නෑ ඔන්න ඔහේ මේ පාරත් ගිහින් බලල එනව කියලා සිගිරි බලන් ගිය මට සිගිරිය ලග තියන කඩෙන් තමයි කන්න උනේ.

සීගිරියේ තානායම ලග තියන මේ කඩේට කන්න ආවේ ගොඩක් විදේශික අය තමා. කන්න දෙයක් බල බල ඉදපු මට අන්තිමට කොතුවක් කන්න ආස හිතුනා. කොහොම කොහොම හරි අන්තිමට සිගිරි බලන්න ගිය මගේ හිත කොත්තුව ලග නැවතුනා කිවිවොත් හරි. කොත්තුව කාල එන්න නැගිටිනකොටම මන් කිව්ව කතාව තමයි ආයේ නම් කොතුවක් කන්න ඕන නිසාම මං නම් සිගිරි එනව කියලා.

අන්තිමට එහෙම කියලා සතියක් එන්න උනේ නෑ සිකුරාදා උදේ පාන්දර වෙනකොට කොත්තුව මතක් වෙන්න ගත්ත.ඒ නිසාම සිගිරිය පැත්තේ තව මොනවද බලන්න තියන්නේ කියලා හිතනකොට තමයි පිදුරංගල මතක් උනේ. ඉතින් එවෙලේම බඩු ටික මල්ලකට දාගෙන කොලබ බස් එකේ එල්ලුනේ කොටුවෙන් දඹුල්ලට යන්න හිතාගෙන. කොහම හරි කොටුවෙන් බස් එකට නැග්ග මම හවස් වෙනකොට දඹුල්ලට ඇවිත් හිටියා. දඹුල්ලෙ ඉඳන් සීගිරියට ලග නිසා ගිය පාර මෙහෙ ආවම නැවතුන තැනම මම නවතින්න හිතුවා.

ගිය පාර සිගිරි ගියේ දඹුල්ලේ ඉදන් බස් එකේ ,මේ පාර බයික් එකක යන්න ආස හිතුන නිසා උදේම නැගිටලා පාරට ඇවිත් බයික් රෙන්ට් එකට දෙන තැනකුත් හොයාගෙන දෙයියනේ කියලා සිගිරිය පැත්තට යන පිටත් උනා.

පිදුරංගල, මාතලේ දිස්ති‍්‍රක්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, සිගිරි ග්‍රාමයේ තියන සම භූමියක්. මුහුදු මට්ටමේ ඉදන් මීටර් 340 ක් විතර උසින් තම පිහිටලා තියන්නේ.

විෂේශත්වය තමයි මෙහි පිහිටලා තියන පිදුරංගල විහාරය ඉදි කරන්න පළමු වන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුද වදින කලින්, මේ විහාරයේ වැඩ නිම කරන්න රත්තරන් දුන්න කියන එක. ඉතින් එදා ඉදල තම මේක රන් +පිදු+ගල පිදුරංගල බවට පත් උනේ. කලින් මෙතන අරණ්‍යයක් විදියට තම තිබිල තියෙනේ.

දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් විතර ගියට පස්සේ සිගිරිය හම්බ වෙනවා. සීගිරියට යන්න හැරෙන්නේ නැතුව කෙලින්ම තියන පාරේ දිගටම ගියම පිදුරංගල හම්බ වෙනවා. කොහොම හරි අපි පන්සල ලගට යනකොට දවල් වෙලා තිබ්බා ඒ වගේම තද අවුවකුත් තිබිබා.

කොහම හරි එතනට ගිය මට මුලින්ම මතක් උනදේ තමයි අපි පොඩි කලේ සීගිරිය ගැන ඉගන ගාන්නකොට ගුරුතුමීලා කිවුව කතාව. සීගිරියේ චිත්‍ර වල ඉන්න සීගිරි ළදුන් ඔය මල් අරණ යන්නේ පිදුරංගල පන්සලට. කලින් පාර සිගිරි ළදුන් ලස්සන මල් දැක්කනේ. මට මතක් උනේ මෙයාලා මල් අරන් පන්සල් එනකොට ඒ කාලේ එක කොච්චර සුන්දර දර්ශනයක් වෙන්න ඇතිද කියන එක.

කොහෝම හරි පන්සලත් වැද පුදාගෙන උඩට නගින්න පටන ගත්ත මට අක්කර 13 පුරාවට තියන ගල් වලින් හැදුනු කුටි වගේම නටබු වෙලා ගිය බුදු පිළිම දකින්න පුළුවන උනා.

පන්සලේ පිළිම වහන්සේ අඩි 49 ½ වගේ දිගයි. ඒ වගේම ලෝකේ පැරණිම වගේම විශාලතම පිළිමය විදියත් හදුන්වනවා. දැන් නම් නිදන් හාරණ අයගේ වැඩ නිසා මේ ගොඩක් පිළිම විනාශ වෙලා ගිහින්.

ගොඩාක් අය සීගිරිය බලන්න ආවට පිදුරංගලට එන්නේ නෑ මං. එහෙම කියන්නේ මං ගිය වේලෙත් වැඩි පුරම එතන බලන්න ඇවිත් හිටියේ විදේශික අය. ලංකාවේ කෙනෙකුට හිටියේ මම විතරයි. එත් සිගිරිය ලස්සනටම බලා ගන්න පුළුවන් තැන විදියට මම නම් හිතන්නේ පිදුරංගල.

ගල් උඩින් බඩගාගෙන් ගස් වල එල්ලිලා අන්තිමේ කොහොම කොහොම හරි පිදුරංගල කන්ද උඩට නැග ගත්ත. එතැන හුලන් පාර සැරයි. ඒ නිසාම ඒ ගල උඩ තිබ්බ පොඩි පස් කන්දයි, පතොක් ගස් ටිකයි අරුනම තනිකරම ගල් තලාව විතරයි.

මං ගිය වෙලාවෙ ඇවිත් හිටිය ගොඩක් විදේශික අය ගල තලාව උඩ වාඩි වෙලා සීගිරි දිහා බලන හිටිය. දවසම උනත් බලන ඉන්න තරම් ඒ පේන දර්ශනය ලස්සනයි. ඉතින් මාත් වාඩි වෙලා සීගිරි ගල දිහාත් ඊට එහායින් පේන ගස් කෝලන් දිහාත් බලන් හිටිය.

දන්නෙම නැතුව හවස් උන නිසාත් ගත්ත වාහනේ වෙලවට බාර දෙන්න ඕන නිසාත් මං පිදුරංගල කන්දට සමුදීල එන්න පිටත් උනා වගේම පිදුරංගල එන්න හේතු සාදක උන කොත්තු කෑමත් අමතක කරේ නෑ.

කදු නගින්න කොලඹ බදුල්ල පාරේ නිතරම යන මම බෙලිහුල් ඔය හරියෙ තියන කන්දක් නිතරම දකිනවා. මේ කන්දේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පොඩියට හැදුනු මාන පඳුරු විතරයි. ඉතින් කාලෙක ඉදන් මේ කන්ද නගින්න තිබ්බ ආසව ගිය සතියේ හැබෑ කර ගන්න පුළුවන් උනා.

වෙනද වගේම කොලඹ කොටුවෙන් පාන්දර 2කේ බස් එකේ නැග්ග අපිට පාන්දර 6 වගේ වෙනකොට බෙලිහුල් ඔයට එන්න පුළුවන් උනා.

බහින්නට කිලෝමේටර් 3 කට කලින් බැහැල එතන ඉදන් ලදු යාය වත්තට යන පර දිගේ ගියාම තමයි මේ තැනට යන්න තියන්නේ. මේ කන්දේ නම හාගල.

ලදු යාය පාර දිගේ ගියාම තමයි පහන්තුඩාව ඇල්ලට යන පාරත් තියන්නේ. අව්ව වැටෙන්න කලින් කන්ද උඩට යන්න ඕන නිසා දිය ඇල්ල බලන එක අපි අනිත් දවසට කල් දාල කන්ද නගින්න පටන ගත්තා. කන්ද පටන් ගන්න තැනට යන්නම ගොඩක් දුර යන්න ඕනේ.

අපි මෙහෙට එනකොට මේ පාරෙත් බස් යනවා කියලා දැනගෙන හිටියේ නෑ. උදේම ඇරලා තිබ්බ කඩෙන් පාර ඇහුවම ඉස්කෝලයක් හම්බ වෙනකන් යන්න කියලා තමයි කිවිවේ. මේ ගමට යන පාරේ ඉස්කොල දෙකක් තියනව. ඒ පාරේ ඉතින් බස් එකක් එනවද බල බල කන්ද නගින පටන් ගත්ත. කන්ද උඩ වතුර නැති නිසා පහල ඉදන්ම වතුර බෝතල් උස්සන් යන්න උනා.

කොහොම හරි 9 වගේ වෙනකොට අර කිවිවා ඉස්කොලේ ලගට අපිට එන්න පුළුවන් උනා. අපි යනකොට ගමේ බස් එක එතැන් අන්තර කරලා. අපේ ගම් වල වගේ පාරට බැස්සම වෙලාවට බස් නැති උනාට කොච්චර දුෂ්කර උනත් මේ ගමේ වෙලාවට බස් එක නම් එනව.

ඉස්කොලේ ලගම වාඩි වෙලා අපි උදේට කන්න කියලා ලෑස්ති උනා. එතකොට තමයි මට පුදුම හිතෙන දෙයක් දැක්කේ. කහපාට සිවිරක් පොරවාගෙන අපි ඉන්න පැත්තවත් නොබලා බිම බලාගෙන ගොඩක් සන්සුන් විදියට වඩින හාමුදුරු කෙනක්. හාමුදුරුවො ගමේ අය එක්ක කතා කරන උත්සහ කරා. එත් ගමේ අයට් තේරුම් ගිය පාටක් නම් දැක්කේනෑ.

ඒ නිසා එතන හිටිය ආච්චි කෙනක් අපේ ලගට ඇවිත් අනේ පුතේ අර හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා කරන්න කියල කිවිවේ. ඒ පාර අපි ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරාම තමයි දන ගැන ලැබුනේ මේ හාමුදුරුවෝ ඇවිත් තියන්නේ ඕස්ට්‍රේලියවෙ ඉදලා කැලේ ඉඳන් භාවන කරන්න.

ගමේ අය ගොඩක් සද්දෙන් රේඩියෝ එහෙම දාන නිසා හාමුදුරුවන්ට භාවන කරන්න අමාරුයි කියල තමයි අපිට කිවිවේ. හාමුදුරුවො ආයේ කැලෙට වැඩියට පස්සේ අපි ගමේ අයට කිවිව හාමුදුරුවෝ කිවිව දේ. ගමේ අය නම් කිවිවේ එහෙම සද්දෙන් දාන්නේ නෑ කියල තමයි.

කොහොම හරි කෑම කාල ඉවර වෙලා එතැන කඩේ ලගින් තියන කොන්ක්‍රීට් පාරෙන් පහළට බැහැල අපි කන්ද නගින්න පටන් ගත්තා. දළු කඩන්න යන ගමේ කීප දෙනකුත් අපට අතර මගදි හම්බ උනා .අපි ඒ අය එක්ක කතා කර කර තේ වත්ත දිගේ උඩට නැග්ගා.

ඒ ගොල්ලෝ තේ වත්ත ලග නැවතුනත් එක් කෙනෙක් නම් නවතින පාටක් තිබ්බේ නෑ. දර කඩන්න ආව නැන්ද කෙනක් කිවිව මෙයාගේ නම චුටි, මෙයාව එක්කන් යන්න ඔයාලට පර හොයා ගන්නත් ලේසි වෙයි කියලා. ඔන්න ඒ පාර අපේ නඩේ 3 දෙනයි, මායි, චුටියි තේ වත්ත ඉවර උනාම තියන කැලේ පාරෙන් ගමන යන පටන් ගත්ත. කැලේ ඉවර උන ගමන් අපිව වැටුනේ පයිනස් කැලාවකට.

කන්ද පිහිටලා තියන විදියයි පයිනස් කොළයි අපේ ගමනට හරස් කපනව කියලා දැනගෙනම අපි හිමින් සැරේ කන්ද නගින පටන් ගත්ත. පාර දන්න කෙනා කියලා අපේ ගමනට එකතු කර ගත්ත චුටිගේ එක එක කෝලන් වැඩ නිසා පයිනස් කොළ අපිට දුන්න කරදර වලට වඩා කරදර ගොඩකට තමයි අපිට මුණ දෙන්න සිද්ද උනේ.

අමාරුවෙන් වැටී වැටී පයිනස් කැලේ පහු කරගෙන ගිය අපිට ඊළගට තිබ්බ ලොකුම අබියෝගේ තමයි, දිහා ඈත ඉදන් බලන කෙනෙකුට, ඇදුමක් ඇන්දේ නැති කන්ද වගේ පෙණුන මාන ගස් පිරිණු කන්දේ, තටිටයක් වගේ දිලිසෙන කළු ගල් පතුර දිගේ පහලට ගලාගෙන යන වතුර පාරෙන් වතුර එකතු කර ගන්න එක.

පහල ගමේ ඉදන්ම කර ගහගෙන ආව වතුර බෝතලේ ඇරෙන්න අපිට වතුර තිබේ නෑ. ඒ නිසා ගල් පතුර ලග නැවතිලා අපි වතුර බොතල් වලට වතුර පුරවන්න පටන් ගත්ත. ඔන්න ඒ පාර හැම දෙයක් ගැනම ලොකු කුතුහලයක් තියන චුටි අපි අමාරුවෙන් වතුර ගන්න වතුර පාරවල් මැදට පැනල ඒවා මඩ කරන්න ගත්තා.

එයාගේ වැඩ නිසා අමාරුවෙන් පුරවා ගත්ත වතුර බෝතල් 2ක 3ක්ම නිකන්ම නාස්ති වෙලා ගියා. කොහොම හරි එක වතුර බෝතලයක් පුරවාගෙන අපි කන්ද උඩටම රෑ වෙන්න කලින් නැග්ගේ කෑම්ප් කරන්න තැනක් හොයා ගන්න. අන්තිමට කන්ද උඩ සමතලා තැනක් අපිට හම්බ උනා. මේ දවස් වැල් පෑවිල්ල නිසා එතන තිබ්බ වතුර වල හිඳිලා තිබ්බ උනත් එතන අපි හැමෝගෙම හිතට ඇල්ලුවා.

ඉක්මනට කෑම්ප් ගහ ගත්ත අපි ලිපක් පත්තු කරගෙන කෑම හදා ගන්න ලැස්ති වුනා. වතුර ප්‍රශ්නේ ඇරුනම උයාගෙන කන්න ඇති තරම් දර තිබ නිසා උයන්න අමාරු උනේ නෑ.

 සටහන: සජානි හංසිකා 

Related Articles

Leave a Comment