පරවී දුපත ජාතික උද්‍යානය

by admin

මේ දවස් වල තියන සීතල  එක්ක කන්දක් උඩට වෙලා දවසක් ඉන්නව කියන්නේ ටිකක් අමාරු වැඩක්.ඒ නිසා වෙනසකටත් එක්ක රට මැද්දෙන් පොඩ්ඩක් ඈත් වෙලා රටේ අයිනට ඒ කියන්නේ මුහුදක් හරියට යන්න ඕන කියලා මං හිතුව.

ඉතින් වෙනද වගේම අපේ ඔය ඇවිදින්න යන නඩේත් එකතු කරගෙන අපි ත්‍රිකුණාමලය පැත්තේ පොඩි සවාරියක් යන්න. හිතුව.වෙනදට ඉතින් හැමදාම බස් එකේ යන නිසා මේ පාට වෑන් එකකුත් කතා කරගෙන දවස් දෙක තුනකට කන්න බොන ජාතිත් පුරවාගෙන අපි ගමන යන පිටත් උන.

නුවරින් තම අපි අපේ ගමන පාටන් ගත්තේ.උදේ පාන්දර වෙනකොට වෑන් එක ඇවිත් හොන් ගහන්න පටන් ගත්ත.ඕන එතකොට තම කට්ටියටම ඇහැරුනේ.දඩ බඩ ගල ඇදගෙන බදු ටිකත් පටවාගෙන අපි ගමන යන්න පිටත් උනා.

පැය ගණක ගමන නිසා කට්ටිය අරහෙන් මෙහෙන් පොඩි පොඩි නින්දවල් ටිකක් ගෙන ගියා.ඊට පස්සේ ඉත්න් උදේට කන වෙලාව පර අයිනේ තිබ පොඩි කඩේක නවත්තල බද පැලෙන්න රොටී එක්ක ලුණුමිරිස් කාලා අයේ ඉත්න් අපේ ගමන් අපටත් ගත්ත.

අපි අද මේ යන්නේ ලංකාවේ ත්‍රිකුණාමලය නැගනහිර මුහුදු තිරයේ  තියන සමුද්‍ර ජාතික උද්‍යාන වලින් එකක් වන පරෙවි දුපත බලන්න.ලංකාව තුල ජිවත් වෙන ස්වදේශීය කුරුල්ලන් මේ දුපතේ ඉන්න නිසා තමයි මේකට පරවී දුව කියල කියන්නේ.අපි ත්‍රිකුණාමලයට එනකොට හවස් වෙලා තිබ්බ.පරවී දුවට 5 න් පස්සෙ  යන්න දෙන්නේ නෑ.එහෙම කිවිවේ අපේ නඩේ ගුරා.

ඒ කියන්නේ දැන් ඉතින් දුපත බලන් යන්න වෙන්නේ හෙට උදේට.ඒ නිසා අපි අපේ නවාතැනට ගිහින් උයා පිහාගෙන කල වේලාසන නිදා ගත්තේ උදේම දුපත බලන යන්න.

රැ පිරිමි ළමයි ටික උයපු නිසා නිදි මතේ ඇහැරලා උදේ උයන උනේ ගෑනු ළමයි ටිකට. අන්තිමට කොහම කොහම හරි බත් පාර්සල් ටිකත් හදාගෙන අපි පරවී දුව බලන යන පිටත් උන.වැඩි වෙලවක් යන කලින් අපි පරවී දුවට යන තැනට අවා.මෙතැන් ඉදන් ගමන් තියන්නේ බෝට්ටුවේන්.

උදේම දුපත් බලන යන එක වාසියි ඇයි ඉතින් උදේ මෙතනට ගෙනත් දැමීමම අයේ ගන්න එන්නේ හවසටනේ.බෝට්ටුවට නැග්ග අපි පරවී දුපත් බලන යන පිටත් උනා.බයෙන් බයෙන් බෝට්ටුව අල්ලාගෙන යන ගමන් වට පිටවේ තියන නිල්ම නිල් පාට මුහුද දැක්කම බය ඔක්කොම නැති වෙලා ගිය වැඩි වෙලාවක යන කලින් බෝට්ටුව පරවී දුවට අවා.අපව එතන දල බෝට්ටුව යන්න ගියේ හරියට අපිව වෙනම ලෝකෙකට ගෙනත් දැම්ම වගේ.

ඇත්තටම එක වෙනම ලෝකයක් වගේ තමයි.දුපතේ අපි බැහැපු පැත්තේ ඉදන් බැලුවම අනිත් පැත්තේ මුහුදු වෙරල එක්ක මුහුද හොදට පෙන්වා ඒ වගේම සුදු පට හුණු ගල් වලින් මුළු වෙරලම වැහිලා ගිහින්.මෙම ජාතික වනෝද්යානය හෙක්ටයාර 471,429 ක ප්‍රදේශයක් පුර පැතිරිලා ගිහින් තියනව.

ඒ වගේම මේ දුපතේ තියන තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ දැනට ඉතිරි වෙල් තියන කොරල් පර වලින් හොදම කොරල් පර පිහිටලා තියන්නේ මේ දුපත අවට. පරෙවි දූපත 1963 දී  තමයි අභය භූමියක් විදියට නම් කරන්නේ. 2003 දී එය ජාතික උද්යානයක් විදියට නම් කරනවා.ඒ වගේම පරෙවි දූපත 2004 දී ඉන්දියන් සාගරයේ සුනාමි බලපෑමට ලක්වුන වෙලාවේ ආරක්ෂා වෙලා තිබ්බ තැන වලින් එකක්.එකට හේතුව දුපත වටේ පිහිටලා තියන කොටල් පර වැටි තමයි.

පරෙවි දූපතට  දූපත් දෙකක් තියනව.ඒ විශාල පරෙවි දූපත සහ කුඩා පරෙවි දූපත. විශාල පරෙවි දූපත හිරිගල් පර වලින් තම හැදිල තියන්නේ.ඒක මීටර් 200 ක් පමණ දිග සහ මීටර් 100 පළල වෙනව. උසම ස්ථානය  මුහුදු මට්ටමේ ඉදල මිටරි. 44.8 විතර වෙන්ව.මේ දුපතේ මධ්ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27.0 ක්. ඔක්තෝබර් ඉදල මාර්තු වෙනකන් උතුරු නැගෙනහිර මෝසම් නිසා මිලිමීටර 1,000-1,700 විතර වර්ෂාපතනයක් මේ දුපතට ලැබෙනවා.

දුපතේ සත්ව ප්‍රජාව ගත්තම කොරල් පර එක්ක ජිවත් වෙන පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ගොඩක් දෙනෙක් අපිට බල ගැන පුලුවන්. අපේ නඩේ දෙතුන් දෙනක් ඉස්සෙලම ගිය මලු බලන කියලා.එයාල ගොඩට අව ගමන් කිව්වේ අර ඩිස්කවරි එකේ පෙන්නවා වගේ නිල් පාට ,තැබිලි පාට ලොකු මාළු ඉන්නවා කියල ඒ පාර ඉතින් හැමෝටම මාලු බලන ඕන උනා.

මාත් ගිහින් බැලුව කිවිව වගේම තමයි අපේ කකුල් දෙකට් යටින් ලස්සන පාට පාට මලු පීනල යනවා. මාළුන්ගේ ලස්සන නිසාම ඒ ගැන හොයල බලන හිතුන මට දැන ගන්න ලැබුන විදියට ගල් පර මලු විශේෂ වර්ග 100 විතර මේ දුපතේදී අපිට බල ගැන පුළුවන්.ඒ වගේම Hawksbill කැස්බෑ, කොළ කැස්බෑවා සහ ඔලිව් රිඩ්ලි කොරල් පර වගේම  සංචාරය මුහුදු කැස්බෑවන් ගොඩක් මෙතනදී බලා ගැන පුළුවන්.

ඒ නිසා මෙතනට සංචාරක ආකර්ෂණය ගොඩක් ලැබෙනවා කිවුවොත් හරි.කොරල් පර බලන් වගේම කොරල් පර වල ඉන්න මාළු බලනත් තමයි මේ සංචාරකයෝ මෙහාට එන්නේ.කුරුල්ලෝ ගැන ගත්තම පරෙවියන් සඳහා වැදගත් අභිජනනය ස්ථානයක් විදියටත් මෙතන හදුන්වන්න පුළුවන්.ඒ වගේම කිමිදුම් කරන ආස කෙනෙක් නම් මේතැන ඒකට කියපු තැනක්.

හවස් වෙනකන් එතැන ඉදපු අපිට වෙලාව යනවා දනුන්නේ නෑ.පස්සේ තම අපි උදේ ගෙනත් දාපු බෝට්ටු යේ අපිව එක්කන් යන්න ඇවිත් කියලා.මෙතන දල යන බැරි තරම් ලස්සන උනත් 5 පස්සසේ මෙතන ඉන්න දේනේ නැති නිසා අපිට අකමැත්තෙන් උනත් එතනින් එන්න උනා.පරවී දුවේ ගමන ඉවර උනත් ට්‍රින්කෝ සවාරි තාම ඉතුරු නිසා හෙට දවසේ ගමනට ලැස්ති වෙන්න හිතාගෙන අපි බෝට්ටු වලට නැග්ග.

 සටහන: සජානි හංසිකා 


Related Articles

Leave a Comment