ග්‍රේට් වෙස්ටන්

by admin

හැමදාම වගේ රටේ කොහේ හරි යන්න තියන ආසාවක් ලෙඩක් තරමටම බරපතල වේගෙන ආව  කාලෙක යන තැන දෙක තුනක්ම තිබිබත් අවසානේ හිත ගියේ කවදාවත්ම අහල නැති නමක් ලග තම.ඒ තමයි ග්‍රේට් වෙස්ටන්.කදු නගින  එක වගේම කෝච්චියෙන් ගමන් යන එකත් කවදාවත් ඉවර වෙන්නේ නැති එපා වෙන්නේ නැති ආසාවක් උන නිසාම ලංකාවේ විශේෂ දුම්රිය ස්ථානයක් හා කන්දක් වන ග්‍රේට් වෙස්ටන් බලන්න යන මම තීරණය කර.

නිවාඩු දවස් දෙකකුත් ලග එන නිසා සිකුරාදා රැයින්ම මේ ගමන පිටත් වෙන්න යොදාගත්ත  මම එදා රැ 8 ට කොලබ කොටුවට ගියේ බදුල්ලට යන උඩරට මැණිකේ දුම්රිය අල්ල ගන්න.මාත් එක්ක මේ ගමනට තව කීපදෙනෙක්ම එකතු උනා.නිවාඩුවට ගෙදර යන අය පිරිලා හිටිය නිසාම ගමන පුරාවට කෝච්චියේ හිටගෙන තම යන උනේ.

කොලබ කොටුවේ ඉදන් ග්‍රේට් වෙස්ටන් වලට 199.30 කිලෝමීටර් විතර තියනව මේ දුම්රිය ස්ථානය පිහිටලා තියන්නේ මුහුදු මට්ටමේ ඉදන්  මීටර් 1464 විතර උසින්.රැ 8 ට පිටත් උන අපි අපේ ගමනාන්තයට ලග වෙනකොට පාන්දර 3 විතර වෙලා තිබ්බ.අපේ පැමිණීම කලින්ම දන්වල තිබ්බ නිසා දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය අපි එනකන් මග බලන් ඉදල තිබ්බ.

ගමන් වෙහෙස නිසාම දුම්රිය ස්ථානයේ තිබ්බ වතුර පිල්ලෙන් මුණ කට තෙම ගත්ත අපි නිදා ගන්න ගියේ උදේ පාන්දරම අපේ අරමුණ උන ග්‍රේට් වෙස්ටන් කන්ද නගින්න තිබ්බ බලාපොරොත්තුව එක්කමයි.දුම්රිය පොලේම රාත්‍රිය ගතකර අපි පස්සේ දවසේ පාන්දරම අහරුනේ අදික සීතල වගේම දුම්රියපොළට ආව  දුම්රියක් නිසා.කලින් දවසේ රැ අපි මේ තැනට අව නිසා වට පිටව හරියටම බල ගැන පුලුවන් උනේ පාන්දර මිදුම නිසා වටපිටව වැහිලා තිබ්බත් දුම්රිය ස්ථානයේ හා ඒ අවට වටපිටාව සින්දරත්වයේ අඩුවක් තිබ්බේ නෑ.

දුම්රිය ස්ථානයක් විදියට බැලුවම ග්‍රේට් වෙස්ටන් කියන්නේ ට්කක් අප්ප්‍රකට තැනක් උනාට මේ ස්ථානයේ සුවිශේෂී කම් ගොඩක් තියනව.ලංකාවේ තියන වේදිකා දෙකක් සහ දුම්රිය මාර්ග දෙකක් තියන එකම දුම්රිය ස්ථානය වගේම උප වේදිකාවට කිසිම පාලමක් හෝ එතනට ගමන් කිරීමට කිසිම දෙයක් නැති තැනක් විදියට මේ තැන සුවිශේෂීයි.

ඒ වගේම මේ දුම්රිය ස්ථානය පිහිටලා තියන්නේ තැනිතලා බිමක නෙවේ අඩි 45 ට එකක් විතර වෙන අනතියක ඉතින් මෙතන නතර කරන දුම්රියක් නැවත ගමන් ආරම්භ කරන්න ලොකු උත්සහයක් දරන්න ඕනේ.රියදුරු මහතා පළපුරුදු නැති කෙනෙක් නම් තිරිංග මුදා හරින ෂණයකින් කෝච්චිය නැවත කොලබ පැත්තට තම යන්නේ.

ඒ වගේම ලංකාවේ වෙන  දුම්රියක ස්ථානායක ඉදන් අත්විදින බැරි විදියේ හාත්පසම විහිදෙන විදියට කිලෝමීටර් 100 විතර  ප්‍රදේශයක් මෙතනට බල ගන්න පුළුවන්. කොලබ හා බදුල්ල බල යන දුම්රිය වන පොඩි මැණිකේ දුම්රිය මාරුවන ස්ථානය විදියට මෙතැන් අදුන්වන්න පුළුවන්.

දුම්රිය ස්ථානයෙන් ඉස්සරහ බැලුවම එක යායට පේන තේ වතු යාය උදේ පාන්දරට බලන වටිනා තරම් සුන්දර දසුනක් මගේ ඇස දෙකට අරන් එන්න අමතක කරේ නෑ.මේ වතු යය හදුන්න්නෙත් ග්‍රේට් වෙස්ටන් යන නමින්මයි.ඒ වගේම මේ ප්‍රදේශයට ලග වෙන පුළුවන එකම ගමන් මාර්ගය වෙන්නේ දුම්රිය විතරයි.

නුවර එලිය දිස්ත්‍රික්කයට අයති වෙන මෙම දුම්රිය පොළ වටගොඩ හා රදැල්ල අතරැ තම පිහිටලා තියන්නේ.මෙතන තියන සුන්දර පරිසරය නිසාම ගොඩක් රුපවාහිනී දැන්වීම් වගේම ටෙලි නාට්‍ය හා චිත්‍ර පට වලට මේ ස්ථානය තොර ගන්නවා.

අවට සුන්දරත්වය විද විද හිටපු අපිට ලැබුන උණු උණු තේ එක්කම පානුයි රොටී බඩයි හිතයි දෙකම පුරවල දැම්ම.උදේ කම වෙළෙන් පස්සේ අපි ගෙනත් තිබ්බ බදු වලින් ගොඩක් බදු අපි දුම්රිය ස්ථනයේ තිය අපිට ඕන කරන වතුරයි කෑමයි අරන් ගාමන්ට් අපිටත් උන.

දුම්රිය ස්ථානයෙන් ටිකක එලිට අවම දුම්රිය ස්ථානය පිටිපස්සට  වෙන්න පිහිටලා තිබ්බ ග්‍රේට් වෙස්ටන් කදු වැටිය බල ගන්න අපිට පුළුවන් උන.

ලංකාවේ 6 වෙනියට උස කන්ද විදියටත් හයිකින් වලින් 7 වෙනියට  උස කන්ද විදියටත් හදුන්වන මේ කන්ද මිටර් 2212 වෙනවා.දුම්රිය පර දිගේ කිලෝමේටර්  3 විතර ඇවිදන් ගිය අපිට ග්‍රේට් වෙස්ටන් කන්ද පටන් ගන්න තැනට එනකොට මහන්සි ගතියක් දැනුන නිසාම කන්ද පාමුල තියන ශිව කෝවිල ලග නතර වෙලා හිටිය.ගමේ අය ශිව දෙවියන් වෙනුවෙන් පුද පුජා පවත්වන්නේ මෙතන තමා.

කන්ද උද වතුර නැති නිසාම කෝවිල ලග තිබ වතුර පාරෙන් වතුර බෝතල් පුරවා ගත්ත අපි කොවිලට බරෙකුත් වෙලා කන්ද නගින්න පටන් ගත්ත.මේ කන්දට යන්න තියන්නේ ලිස්සන සුළු ගල් වගේම මද තියන තියුණු බෑවුම් තියන පාරක.ඒ වගේම වේගයෙන් සිද්දවෙන දේශගුනුක වෙනස් කම් මේ පරිසරයට අමුතුම අලංකාරයක් ගෙන එනව කිවුවොත් ඒක බොරු නෙවේ.

කෙලින්ම පිහටල තියන කන්ද ටික දුරක් නැග්ගම අපි එනව පැතලි භූ විෂමතාවක් තියන තැනකට මේ කන්දේ මේ කොටස විතරය් ටිකක් ලේසියෙන් නගින්න පුළුවන් තැනකට තියන්නේ.වේගයෙන් වෙනස් වෙන දේශගුණික වෙනස් වීමි වගේම කොටසෙන් කොටස තියන් ගස් කොලන් දිහා බැලුවම මේ පරිසර පද්ධතියේ තියන ජිව විවිධත්වය අපිට හොදට බල ගැන පුළුවන් උනා.

සැවනා ඉඩම්,කදුකර ,උප කදුකර පරිසර පද්ධති එකම තැනක බල ගැන පුළුවන් තැනක් විදියට මේ කන්ද හදුන්වන්න පුළුවන්.

අපේ නඩේ ගොඩක් ය හිටපු නිසා අපි කොටස් දෙකකට වෙන් වෙලා තම කන්ද නගින්න පටන් ගත්තේ.කන්ද උඩට නගිනකොට සිග්නල් නැති උන නිසා ඒ අය සම්බන්ද කර ගැන තිබ්බ එකම ක්‍රමය හු කියන එක විතරයි.කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට  හු කියා කියා කන්ද නගින එක විනෝදයක් වගේම අපේ මහන්සිය නිව ගන්නත් පුළුවන උනා.දිවිය,නරිය,හාවා,වදුරා,වල් ඌර,ගොනා,මුවා වගේ සත්තු මේ කන්දේ හිටියත් උන් දකින තරම් වාසනාවක් අපිට තිබ්බේ නෑ.

කොහම හරි 12 විතර වෙනකොට අපි කන්ද මුදුනටම නගින්න පුළුවන් උන යන හරියට පාරක් නැති නිසා ගස් වල ගල්වල එල්ලී එල්ලී වැටි වැටි තම අපිට මේ ගමන් යන්න උනේ.ඒ නිසා ගමන් වෙහෙස වගේම ගොඩක් අයගේ ඇත කකුල් තුවාල වෙලා තිබ්බ.ඒ මොනව උනත් කන්ද මුදුනට නගින පුළුවන් උන එකේ සතුට වගේම කන්ද උඩ ඉදන් පේන්න තිබ්බ ලස්සන නිසම අපිට තිබ්බ අපහසු තත්වයන් අපිට අමතක වෙලා ගියා.

දවල් කෑමෙන් පස්සසේ අපිත් එක අව ගොඩක් දෙනා තැන තැන වලට වෙලා ගමන් වෙහෙස නිසා ගන්න අතරේ මන් පොඩ්ඩක් වට පිටේ ඇවිදලා බැලුව.හිතපු ගමන් කඩාගෙන පත් වෙන මෙදුම වගේම පින්න නිසාම කන්ද මුදුන ගොඩක් සිඉතල තැනක් උන.

මෙතන කන්ද මුදුනේ ඉදන් බැලුවම අපි දන්නා කියන තැන ගොඩක් බල ගන්න පුළුවන්.නුවර එලිය නගරය,නානු ඔය,සමනල කන්ද,සප්ත කන්‍යා  කදු වැටිය,තලවකැලේ,ලිදුල,රදැල්ල,පුන්ඩුල කන්ද,පිදුරුතලාගල වගේම වන්ගි ඔය තමය ඒ තැන.මේ කන්ද උදන් ඉදන් පහල බැලුවම පෙන තියුණු බෑවුමට කියන්නේ යකාගේ පල්ලම කියල.

අවට පරිසරයේ සුන්දරත්වය බල බල හිටපු අපිට ටික වෙලාවකින් තමා අපි යේ පහලට යන ඕන කයලා මතක් උනේ.මේක එක දවසේ ගමනක් නිසා අද අපි කන්ද බහින ඕනේ කන් උද වතුර නැති නිසා අපි මේ කන්දේ කෑම්ප් කරන හිතුවේ නේ ඒ නිසා හවස් වෙන කලින් කන්ද බහින එක කෝකටත් හොදය කයලා අපි කන්ද බහිං පටන් ගත්ත.කන්ද නගින එක වගේම බහින එකත් ගොඩක් අමාරු උන.

වැස්ස කලේ නිසා යන තිබ්බ පොඩි අඩි පාරත් මැදට තෙත් වෙලා නිසා ලිස්සන නිසාත් කන්ද බහින එක අපිට තරමක අභියෝගක් උනා.සමහර තැන වල අපිට යන උනේ  බිම වැඩි වෙලා ලිස්සගෙන.එක විනෝද ජනක වැඩක් උන වගේම අදන් ගිය ඇදුම් වලිනුත් යේ වැඩක් ගැන බැරි වුන.

අපිවත් යට කරගෙන උසට හැදිලා තිබ්බ සුදු පට අසෝක වගේ මල් යාය වගේම අඩි පර දෙපැත්තේ හැදිලා තිබ්බ දම්පාට මල් යායෙන් අපිත් එක ගිය ගෑනු ළමයි ටික බෙර ගැන ටිකක මමරු උනා.ඇත්තම කියනව නම් මවත්  ඒතැනින් ගැලව ගන්න ටිකක් වෙලා ගියා..මේ කන්දේ තියන මේ වගේ ලස්සන දසුන් නිසා මේක වෙලාවකට දිවිය ලෝකයකද කියලත් හිතෙන තරමට මේ තැන ලස්සනයි.

අපි කණ්ඩායම් දෙකක් විදියට ගිය නිසා අපිට කලින් ගය ය පහල ඇති කයලා හිත්ගෙන් අපි ටක් ටක් ගල කන්ද බහින පටන් ගත්ත.ෆෝන් වලට සිග්නල් තියන හරියට අවම අපිට කෝල් එකක් ආව අපිට කලින් කන්ද බැස්ස අයගෙන්.ඒ ගොල්ලෝ අතරමන් වෙලා ඉන්නේ කොතනද කියල ඇහුවත් වටේම තියන්නේ ගස් නිසා ඉන්න තාක් එයාලට හරියට කයන බැරි උන.එයාලත් එහෙනම් පහලට බහින ක්ව  අපිත් ඉක්මනට ඉක්මනට පහලට බැස්ස.

කන්ද පාමුලට වගේ අව අපිට ලස්සන දර්ශනයක බල ගන්න පුළුවන් උනා. ඒ තමයි තලාවකැලේ දුම්රිය ස්ථානයේ ඉදන් වටගොඩ පහු කරලා ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථානයට එන බදුලූ කෝච්චිය එක කොච්චර පොඩියට පෙනුනද කිවුවොත් එක හරියට පෙනුන්නේ ගිනිපෙට්ටියක් විතර ඇති,ඒ එකක්ම දුම්රිය ස්ථානයයි රේල් පාරයි ඒ තරමටම පොඩියට පෙනුන්න.

පහල පර දැකපු නිසා අපි ගමන් ටිකක් ඉක්මන් කරාල පහලට බහිං පටන් ගත්ත.අන්තිමේදී කෝවිල ලගට් එනකොට අපිට් කලින් අව අයත් කෙටි පාරක් දිගේ පහලට බැහැල තිබ්බ එතන වතුර පාරෙන් මුණ සෝදා ගත්ත අපි රේල් පර ලගට එනකොට හවස 5 විතර වෙලා තිබ්බ රේල් පාරෙන් තව ටික දුරක් බදුල්ල පැත්තට ගියම නාන්න පුළුවන් තැනක් තියනව කියල අපිට ගමේ අයගෙන් දන ගන්න ලැබුන. ඒක අහපු වෙලේ ඉදන් ගොඩක දෙනෙක්ට සීතල වතුර ටිකක් නාගන ඕන කමක් අව නිසා අපිත් අග පත සොදගෙන් යේ දුම්රිය නවතුන් පොලට රේල් පර දිගේ එන්න පිටත් උනා.

දන්නෙම නැතුව කරුවල වටෙගෙන ආව වගේම වටේටම කළුවර පැතිරිලා ගයේ මේ පැත්ත බලල අනිත් පැත්ත බලන තරම් ඉම=ක්මනින්.පොන් වල එළියෙන් යන්තං පර බලාගෙන අපි රේල් පර දිගේ අවිදින්වට වඩා වේගෙන් දුවගෙන අවේ වට පිටවේ කරුවල වගේම් අපිත් එක ගිය ය හොල්මන් කතා කියන පටන් ගත්ත නිසා. කොහම හරි යන්තං ස්ටේෂන් එකේ එළිය දැක්කම ඇගට ලේ ටිකක් ඉනුවේ.

ස්ටේෂන් එකට අව අපිට ගමන් මහන්සිය නිසාම වැටුන වටුන් තැන වල වාඩි වෙලා මහන්සි අරින පටන් ගත්ත ඔය අතරේම අපිට රැ කෑමත් ලැබුන නිසා කෑම ටික දිග අර ගත්ත ගමන් ස්ටේෂන් එකේ අයිති කරය වගේ ඉන්න බලුපැටිය අපි ලගට දුවන් ආව.වෙන කිසි බල්ලෙකුට ඌ ස්ටේෂන් එකට එන්න දුන්නේ නැ.එකයි ඌට ස්ටේෂන් එකේ අයිති කරය කියල කියන්නේ.

ආයේ කොලබ යන්න රැ බදුල්ලේ ඉදන් එන උඩරට  මැණිකේ කෝච්චිය මෙහාට එනකොට රැ 10 වෙන නිසා අපි ටිකක් නිදා ගැන හිතුව ගමන් වෙහෙස වගේම තව පය 3,4 ක ගමනක් අපිට ඉතුරු උං නිසා විවෙකගයට වෙලා අපි නිසා ගත්ත.

මහන්සිය නිසාම හොදට නින්ද ගිය අපිට වෙලාවට ඇහැරුනා නිසා දුවල ඩුවල් ගිහින් කෝච්චියේ එල්ලුනේ යේ කොල්ලබ එන්න හිතාගෙන නිදන මැදිරියක් ලැබුන නිසා කගේ කාගෙන් හිත වලට සතුටක් දැනුන දෙයියනේ කියලා කොලබට එනකන් නිදාගෙන එන්න පුලුවන් නිසා.පැද්දී පැද්දී කොලබ එන කෝච්චියේ ඉදන අද දවසේ මතකයන් ගැන හිත හිත ඉන්න අතරේ නින්දට වැටුණු මම යේ ඇහැරුනේ කෝචිචිය උදේ 7 ට විතර කොලබට කිට්ටු වෙනකොට තමයි.

කොහොම කොහොම හරි ලංකාවේ බලන යන තියන කදු වලින් ලස්සන් වගේම යන ආමාරු උන ග්‍රේට් වෙස්ටන් ගමන් එතනින් නිම උනත් ආයේ අවස්ථාවක ලැබුන ගමන් යේ ඒ සුන්දරත්වය විද ගැන ඕන කියල තමයි මට නම් හිතුනේ.

 සටහන: සජානි හංසිකා 


Related Articles

Leave a Comment