ඊමේල් එකට එන අනවශ්‍ය ඊමේල් බ්ලොක් කරන හැටි

by admin

 ඊමේල් කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට වර්තමානයේ දී අවශ්‍යම දෙයක්. ව්‍යාපාර කටයුතු වලට විතරක් නෙමෙයි,  එදිනෙදා කටයුතු වලටත් ගොඩක් දෙනෙක් ඊමේල් පාවිච්චි කරනවා.

උදාහරණයක් විදිහට බැංකු ගිණුම් ආදියේ විස්තර ලබාගන්න එදිනෙදා සාමාන්‍ය පුද්ගලයන් ඊමේල් පාවිච්චි කරනවා.

මීට අමතරව ගොඩක් දෙනෙක් තමන්ගේ මාකටින් සඳහා ඊමේල් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ විදිහට එවන marketing email වලින් අපේ inbox එක පිරෙනවා.

දැන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද ඔයාලට අවශ්‍ය නැති ඊමේල් තමන්ගේ inbox එකට එන එක වලක්වා ගන්න හැටි.

පළමු ක්‍රමය – අදාල ඊමේල් එක බ්ලොක් කිරීම.

ඔයාට අවශ්‍ය නැති ඊමේල් එවන අය ඉන්නවනම් ඔයාලට ඒ ඊමේල් බ්ලොග් කරන්න Gmail වලින් පුළුවන්.

  1. මුලින්ම gmail.com website එකට ගිහිල්ලා ඔයාගේ gmail එකට log in වෙන්න.
  2. දැන් ඔයාට අනවශ්‍ය විදිහට ආව ඊමේල් එකකට ගිහිල්ලා ඒ ඊමේල් එකක් ඕපන් කරන්න.
  3. ඊළඟට දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Block කියන එක click කරන්න.

4. ඊළඟට එන popupඑකෙන් block කියන එක දීලා confirm කරන්න.

දෙවෙනි ක්‍රමය – Filters භාවිතා කිරීම.

මගින් Filters භාවිතා කර අනවශ්‍ය ඊමේල් Block කරන්න අවස්ථාව දීලා තියෙනවා.

  1. පළමුව gmail.com වෙත පිවිස ලොග් වෙන්න. ඉන්පසු search bar එක සමඟ පිහිටි dropdown button එක click කරන්න.
  2. දැන් ඔබට අවශ්‍ය පරිදි ඊමේල් , වචන ආදිය යොදා ෆිල්ටර් එකක් සකස් කරගන්න. Create filter click කරන්න.

3. දැන් ඔබට ඔබ සකස් කළ filter එකට අදාල emails හෝ වචන වලින් පැමිණෙන ඊමේල් වලට සිදුවිය යුත්තේ කුමක්දැයි තීරණය කළ හැකියි. delete ලබාදීමෙන් එම ඊමේල් මගින් පැමිණෙන ඊමේල් ඉබේම ඩිලීට් වනු ඇත.

Related Articles

Leave a Comment