(මේ කරුනු අවර ගනයේ ගුවන් විදුලි, නව කතා, ගීත, චිත්‍රපටි අදී සියලු සන්නිවෙදන මාධ්‍යන්ට පොදුය. )
1. ශාස්තෘවරයානන් ඉදිරියේ අවිනීතව හැසිරීම (නිව්සේ, කාර්යාලයේ, පුදබිමේ, වාහනේ, පිළිම වහන්සේ අභියස.) අසංවරව ඇදුම් ඇදීම, හැසිරීම, පරුෂ වචන භාවිතය, මිනී මැරුම්/ මංකොල්ල/ නීතිවිරෝදී ක්‍රියා සාකච්ඡාව හා කිරීම.
2. පොළව සනහා වැඩි, වීර, ආදර්ශමත් මහා කුඩා යති වරයානන් වහන්සේලාගේ චරිත වෙනුවට, ඇස්, කට මුහුණු විකුර්ති කරමින්, දුව පැණ, බොරු කියමින් හැසිරෙන ව්‍යාජ පූජක රූප සමාජ ගත කිරීම.
3. හිස්, බාල, නුසුදුසු, පාපී දෙයට හා පිරිසට ගෞරව නාම යෙදීම හා භාෂා විකෘර්තිය.
4. බාල අංගරචනා, බාල තිර පිටපත්, බාල භාෂා පරිහරණය හා බාල කැමරා හා සංස්කරණ. දර්ශන වල දෝෂ (boom mic පවා දර්ශන තලයෙන් පෙනීම ). එකම දර්ශන තල, එකම ඇඳුම් හැම කොටසෙම, නාට්‍යයේම තිබීම.
5. ඇස්, කට, මුහුණ විකුර්ති කරමින්, යක්ෂණියන්වන්, එදිනෙදා ජීවිත වල අසාමාන්‍ය, ලංකාවේ අපේ පවුල්වල ගෙවල් දොරවල් වල නොදුටු නපුරු වෛරී චරිත තිබීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
6. මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පැන් ආදී ගැන නිරන්තර කතා බහ හා දර්ශන. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
7. ගිනි අවි නිරන්තර පහසුවෙන් භාවිතය. ගහ ගැනීම් බහුලවීම. බුද්ධිය වෙනුවට අණුවන දාමරිකම් බහුල වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
8. අඟ පසඟ, ඉස්මතුව පෙන්වන දර්ශන බහුල වීම. ආවරණය නොවූ ඇන්දුමින්, තැම්පත් නොවූ, අශෝබන හැසිරීම්. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
9. වැඩිහිටි, කුඩා සැම ඉදිරියේ වෙනසකින් තොරවම අසංවරව හැසිරීම, හිස් වචන, බාල විහිලු, නුසුදුසු ලාබ කතා කියමින් කාලය නාස්ති කිරීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
10. දරුවන්ට නුසුදුසු යැයි දැනුවත් කිරිම් රහිතවම නුසුදුසු වචන, හිස් වචන, මත් ද්‍රව්‍ය, මත්පැන්, ගිනි අවි, ගහ ගැනීම් ඇති දෙබස් හා දර්ශන පෙන්වීම. ඒවා පවුල් අතර සාමාන්‍ය දේ බවට පත් කිරීම.
මෙම තත්වයන්හි විපාක:
1. සිල්වතුන්ට, බුද්ධිමතුන්ට ගෞරව නොකිරීම, නිගා කිරීම අසීලාචාර ක්‍රියවක් හා, ප්‍රඟ්‍යා ගෝචර, සැනසීම, දියුණුව සඳහා නොවන නිසා, බුද්ධිය දුර්වල වීම්, එවිට මනස පිරිහීම, මානසික රෝග, උගත් සමාජයෙන් වෙන්කිරීම ආදියට හේතුවේ.
මනස සෑම විටම නිරන්තර පුරුදු කල දෙය පසු පසම යයි.
නිතර හිස්බස්, නපුරු වචන, පාපී වචන වලට පුරුදුවූවිට එම වචනම භාවිතාවට එයි. කාමයට, රූපයට මනස ඇළුනු විට එම සිත්ම ඇති කරයි. ප්‍රශ්නයක් ඇතිවූවිට බුද්ධිමත් තීරනයක් මනසින් ගේනවා විනා දූෂිත වචන හරභයකට, පාපී දෙයකට, රණ්ඩුවකට, අවිඅයුධ වලින් ප්‍රශ්න විසඳන්නට මඟ පාඳයි. මේ නිසා:
2. පිරිහීමේ දොරටු විවර වෙයි.
– මතක ශක්තිය පිරිහෙයි.
– වීර්යය පිරිහෙයි.
– අධ්‍යාපන පිරිහෙයි.
– පවුල එකමුතුව විසිරෙයි.
– අවවාද කරන්නට කෙනෙකු නැතිවෙයි.
– දුන් අවවාද නොපිළි ගනී.
– ඉතිරිය, ආයෝජනයට වඩා මුදල් වියදම් වැඩි වෙයි.
– ලෙඩ රෝග බහුල වෙයි.
– සමාජයේ අනාරක්ෂාව පැතිරෙයි. නිවස, මහපාර, අධ්‍යපන ආයතන, කාර්යාල අනාරක්ෂාකාරී වෙයි.
– දෙමව්පියන්, දරුවන්, ගුරුවරුන්, වැඩිහිටියන් අතර වටිනාකම් නැතිවෙයි.
– අලුත්දේ ඉගෙනුමට, පරීක්ෂාවට, උසස් පුද්ගල ඇසුරට ඉඩ නොලැබීමෙන් දියුණුවට අවස්ථා මගහැරී අධ්‍යාපනය, රැකියා දියුනුව, ව්‍යාපාර දියුණුව පසුබසී.
එනිසා මනා සිහියෙන් තමාගේ යහපත් අරමුණු වෙත මනස පුරුදුකිරීම ලෞකික හා ලෝකෝත්තර දියුණුව පාදයි.